Search This Blog

Loading...

Thursday, July 22, 2010

ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම





ශ්‍රී ලංකාවෙහි සාමය සහ සාමාන්‍ය තත්ත්වය ඇතිකරලීම සඳහා වූ ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන උතුමාණෝ සහ ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු රජීව් ගාන්ධි උතුමාණෝ 1987 ජූලි මස 29 වැනි දින කොළඹ දී හමුවී,

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීම, වර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම අතිශයින් වැදගත් සේ සළකා, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා විසඳාලීමේ උග්‍ර අවශ්‍යතාවය පිළිගනිමින්, ශ්‍රී ලංකාවෙහි වෙසෙන සියළුම ජනවාර්ගික කොට්ඨාශයන්ගේ ආරක‍ෂාව, සමෘද්ධිය සහ සෞභාග්‍යය ළඟාකර ගැනීම සඳහා,

මෙහි පහත දැක්වෙන ගිවිසුමට අද දින එළඹුනහ.

1.1 ශ්‍රී ලංකාවෙහි ඒකීය භාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂා කිරිමට අපේක‍ෂා කරන හෙයින් ද,

1.2 ශ්‍රී ලංකාවෙහි, අනෙකුත් ජාතීන් අතර, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්(මරක්කල) සහ බර්ගර් ජාතීන්ගෙන් සමන්විත බහු ජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුත් බහුවිධ සමාජයක් ඇති බැව් පිළිගන්නා හෙයින් ද,

1.3 සැළකිල්ලෙන් පෝෂණය කළයුතු වූ එකිනෙකට වෙනස් සංස්කෘතික සහ භාෂාමය අනන්‍යතාවයක් එක් එක් ජනවාර්ගික කොට්ඨාශයට ඇති බැව් පිළිගන්නා හෙයින්ද,

1.4 දෙමළ භාෂාව කථා කරන ශ්‍රී ලාංකික ජනයා අනෙකුත් ජනවාර්ගික කොට්ඨාශයන් සමඟ එකට මෙතෙක් ජීවත් වූ නැගෙනහිර සහ උතුරු පළාත් එම දෙමළ භාෂාව කතා කරන ජනයාගේ ඓතිහාසික වාසභූමි ලෙස තිබූ බැව් පිළිගන්නා හෙයින් ද,

1.5 ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවයට ආධාර වන්නා වූ බලවේගයන් ශක්තිමත් කිරීම හා සමානාත්මතාවයෙන් සහ සමඟියෙන් යුතුව ජිවත්වෙමින්, සමෘද්ධිය ළඟා කර ගනිමින්, ශ්‍රී ලංකාවේ සියළුම පුරවැසියන්ට ස්වකීය අභිමතාර්ථයන් ඉටු කරගත හැකි අයුරු ශ්‍රී ලංකාවේ බහු ජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුක්ත වූ බහුවිධ සමාජ ස්වරූපය ආරක‍ෂා කිරීම පිළිබඳ අවශ්‍යතාවය දන්නා හෙයින් ද,

2. මෙසේ සම්මත කරති:

2.1 සමීපව පිහිටි පළාත්වලට එක් පරිපාලනමය ඒකකයක් සෑදෙන සේ එකිනෙකට සම්බන්ධවීමටත් උතුරු සහ නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් පහත විස්තර කර ඇති අයුරින් ජනමත විචාරණයක් මාර්ගයෙන් ඒවාට වෙන්වීමටත් ඉඩදීමට ශ්‍රී ලංකා රජය යෝජනා කරන හෙයින්,

2.2 මෙහි පහත 2.8 වැනි ඡේදයෙහි සඳහන් පළාත් සභා ඡන්ද විමසීමේ දින සිට, 2.3 වැනි ඡේදයෙහි සඳහන් ජනමත විචාරණය පවත්වනු ලබන දිනය දක්වා වූ, අතුරු කාලපරිච්ඡේදය වශයෙන් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදය තුළ උතුරු සහ නැගෙනහිර පළාත් ඡන්දයෙන් තෝරාපත් කරනු ලබන එකම පළාත් සභාවකින් යුත් එකම පරිපාලන ඒකකයක් වනු ඇත. එවැනි ඒකකයක් සඳහා එක් ආණ්ඩුකාරවරයකු එක් ප්‍රධාන ඇමතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ඇත.

2.3 (අ) නැගෙනහිර පළාත උතුරු පළාතට සම්බන්ධවූ එක් පරිපාලන ඒකකයක් වශයෙන් පැවතෙමින් ඉහත 2.2 වැනි ඡේදයෙහි සඳහන් අයුරු උතුරු පළාත සමඟ දිගටම ඒකාබද්ධව පාලනය කරගෙන යා යුතු ද නැතහොත්

(ආ) නැගෙනහිර පළාත එක් ආණ්ඩුකාරවරයකු, එක් ප්‍රධාන ඇමතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් සහිත වෙනම පළාත් සභාවක් ඇති වෙනත් පරිපාලන ඒකකයක් විය යුතුද,

යන්න නැගෙනහිර පළාතේ ජනතාව විසින් තීරණය කරනු ලැබීමට හැකිවන සේ 1988 දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇත. එවැනි ජනමත විචාරණයක්, ස්වකීය අභිමතය පරිදි ජනාධිපතිවරයා විසින් කල් දමනු ලැබිය හැකිය.

2.4 ජනවාර්ගික ප්‍රචණ්ඩ කි්‍රයා නිසා හෝ වෙනත් හේතූන් නිසා ස්වකීය වාසස්ථාන හැරයාමට සිදුවූවන් හට එවැනි ජනමත විචාරණයකදි ඡන්දය දීමේ අයිතිවාසිකම හිමිවනු ඇත. ඔවුන් කළින් සිටි ප්‍රදේශවලට ආපසු පැමිණීමට අවශ්‍ය වාතාවරණය ඇති කරලනු ඇත.

2.5 එම ජනමත විචාරණය, අග්‍ර විනිශ්චයකාර තැනගේ ප්‍රධානත්වයෙන් වූද, ශ්‍රී ලංකා රජය විසින් නම් කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකුගෙන් සහ නැගෙනහිර පළාතෙහි දෙමළ භාෂාව කථා කරන ජනයාගේ නියෝජිතයින් විසින් නම් කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකුගෙන් යුත් කමිටුවක පරීක‍ෂාව යටතේ පත්වනු ඇත.

2.6 ජනමත විචාරණයේ ප්‍රතිඵල තීරණය කිරීම සඳහා සාමාන්‍ය බහුතරයක් ප්‍රමාණවත් වනු ඇත.

2.7 රටෙහි පවත්නා නීතිය අනුව ඉඩදිය හැකි රැස්වීම් සහ අනෙකුත් අන්දමේ ප්‍රචාරක කටයුතුවලට ජනමත විචාරණයට පෙර ඉඩ කඩ ලබා දෙනු ඇත.

2.8 මීළඟ මාස තුන ඇතුළත දී, කෙසේ වෙතත් 1987 දෙසැම්බර් මස 31 වැනිදාට පෙර, පළාත් සභා සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත. උතුරෙහි සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම් සඳහා ඉන්දියානු නිරීක‍ෂකයින්ට ආරාධනා කැරෙනු ඇත.

2.9 1987 අගොස්තු මස 15 වැනි දින වන විට උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසි අවස්ථාව ඉවත් කෙරෙනු ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පැය 48 ක් ඇතුළත දිවයින මුළුල්ලෙහිම සටන් නවත්වාලනු ඇත. සටන්කාමී කණ්ඩායම් සතුව දැනට ඇති සියළුම අවි ආයුධ ශ්‍රී ලංකා රජය විසින් පත් කරනු ලබන බලධාරින්ට, ගිවිසගනු ලබන ක්‍රියා පරිපාටියක් අනුව, භාර දෙනු ඇත.

සටන් නවත්වාලීමෙන් සහ සටන්කාමී කණ්ඩායම් විසින් අවි ආයුධ භාරදීමෙන් පසු 1987 මැයි මස 25 වැනි දිනදී මෙන් යුද හමුදාව සහ සියළුම ආරක‍ෂක නිලධාරීන් කඳවුරුවල බැරැක්කවලට සීමා කර තබනු ඇත. අවි ආයුධ භාරදීමේ සහ ආරක‍ෂක නිලධාරීන් බැරැක්කවලට ආපසු යෑමේ ක්‍රියාවලිය සටන් නැවැත්වීම කි්‍රයාත්මක වි පැය 72 ක් ඇතුළත අවසන් කරලිය යුතුය.

2.10 උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල නීතිය කි්‍රයාත්මක කිරීමේ සහ ආරක‍ෂාව පවත්වාගෙන යෑමේ කාර්යයන් සඳහා රටෙහි අනෙකුත් ප්‍රදේශවල යොදා ගන්නා රාජ්‍ය සංවිධානයන් සහ පටිපාටීන්ම ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කරගනු ඇත.

2.11 ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත සහ අනෙකුත් හදිසි අවස්ථා නීති යටතේ දැනට අත්අඩංගුවේ සිටින දේශපාලනමය සහ අනෙකුත් සිරකරුවන්හට ද, සටන්කාමීන්හට ද මෙකී නීති යටතේ චෝදනා ලැබ නඩු පවරනු ලැබ සහ / හෝ දඩුවම් කරනු ලැබ ඇති පුද්ගලයනහට ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් පොදු ක්ෂමාවක් දෙනු ඇත. සටන්කාමී තරුණයින් රටෙහි ජන ජීවිතයෙහි ප්‍රධාන කි්‍රයාවලියට ආපසු පමුණුවාලීම සඳහා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් විශේෂ පරිශ්‍රමයක් දරනු ඇත. මෙම කි්‍රයාවලියට ඉන්දියාවේ සහාය ලැඛෙනු ඇත.

2.12 ඉහත විධි විධාන ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන ඒ අනුව කටයුතු කරනු ලබනු ඇත. අනෙකුත් සියල්ලන් විසින්ද එසේ කටයුතු කරනු ඇතැයි රජය අපේක‍ෂා කරයි.

2.13 මෙම තීරණයන් සඳහා වූ මූලික රාමුව පිළිගනු ලබන්නේ නම් ශ්‍රී ලංකා රජය විසින් අදාල යෝජනා වහාම කි්‍රයාත්මක කරනු ඇත.

2.14 මෙම යෝජනා ඉන්දියානු රජය විසින් සහතික කරනු ලබන අතර ඒවා කි්‍රයාත්මක කිරීමෙහි ලා සහාය වනු ඇත.

2.15 1986. 05. 04 වැනි දින සිට 1986. 12. 19 වැනි දින දක්වා වූ කාලය තුළ සාකච්ඡා කරන ලද යෝජනාවන් පිළිගත යුතුය යන කොන්දේසියට මෙම යෝජනා යටත් වේ. අවසාන නිගමනයකට නොඑළඹෙන ලද ඉතිරි කරුණු මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් සති හයක් ඇතුළත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් නිරාකරණය කරගත යුතුය. මෙම යෝජනා කි්‍රයාත්මක කිරීමෙහිලා ඉන්දියානු රජය කෙළින්ම ශ්‍රී ලංකා රජයට සහායවනු ඇත යන කොන්දේසියට ද ඒවා යටත්ය.

2.16 ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා වූ යෝජනාවල මෙම මූලික රාමුව ශ්‍රී ලංකාවෙහි සිටින කිසියම් සටන්කාමී කණ්ඩායමක් විසින් නොපිළිගනු ලැබුවහොත් ඉන්දියානු රජය පහත සඳහන් අයුරු කි්‍රයා කරනු ඇතැයි යන කොන්දේසියට ද මෙම යෝජනා යටත් වේ.

(අ) ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවයට, දේශපූර්ණත්වයට සහ ආරක‍ෂාවට අහිතකර කාර්යයන් සඳහා ඉන්දියානු භූමිය ප්‍රයෝජනය නොගනු ලබන බව සහතික කිරීමට අවශ්‍ය සියළු පියවර ඉන්දියානු රජය විසින් ගනු ඇත.

(ආ) ද්‍රවිඩ සටන්කාමී කටයුතු ලංකාවට බලපෑම වලක්වාලීම සඳහා ඉන්දියානු නාවික / වෙරළාරක‍ෂක හමුදා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය වනු ඇත.

(ඇ) මෙම යෝජනා කි්‍රයාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයෙන් යුද්ධාධාර ඉල්ලා සිටි විටකදී ශ්‍රී ලංකා රජයට එවැනි යුද්ධාධාර දීමෙන් ඉන්දියානු රජය සහාය වනු ඇත.

(ඈ) තමිල්නාඩුවෙහි සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ශ්‍රී ලංකාවට ආපසු එවීමත් සමඟම මෙරට වාසය කරන ඉන්දියානු පුරවැසියන් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ආපසු ගෙන්වා ගැනීම ඉන්දියානු රජය විසින් කඩිනම් කරනු ඇත.

(ඉ) උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන සියළුම ජනවාර්ගික කොටස් වලට අයත් තැනැත්තන්ගේ ආරක‍ෂාව සහ සුරක‍ෂිතභාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

2.17 මෙම ගිවිසුමෙන් අදහස් කරනු ලබන ඡන්ද විමසීමේ කි්‍රයාවලියට නිදහස්ව, පූර්ණව සහ සාධාරනව සහභාගී වීම උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින සියළුම ඡන්දදායකයින්ට ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත.

2.18 සිංහල භාෂාව ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය භාෂාව විය යුතුය. දෙමළ සහ ඉංග්‍රිසි භාෂාවන් ද රාජ්‍ය භාෂාවන් වනු ඇත.

3. අත්සන් තැබූ විට මෙම ගිවිසුම සහ ඒ සමඟ ඇති ඇමුණුම කි්‍රයාත්මක විය යුතුය.

එක්දහස් නවසිය අසූහතක් වූ ජූලි මස විසි නව වැනි අද දින ශ්‍රී ලංකාවෙහි කොළඹ දී සත්‍ය වු පිටපත් දෙකකින් සකස් කරන ලද මෙයට අපගේ අත්සන් සහ මුද්‍රා තැබුවෙමු.

ජූනියස් රිචඩ් ජයවර්ධන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

රජීව් ගාන්ධි ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය

ඇමුණුම

1. ගිවිසුමේ 2 වැනි ඡේදයෙහි සහ එම ඡේදයෙහි අනු ඡේදයන් හි සඳහන් ජනමත විචාරණය ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණන් විසින් ආරාධනා කරනු ලබන ඉන්දියානු මැතිවරණ කොමිෂන් සභාවෙහි නියෝජිතයකු විසින් නිරීක‍ෂණය කරනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති.

2. එමෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් ආරාධනා කරනු ලබන ඉන්දියානු රජයේ නියෝජිතයකු විසින්, ගිවිසුමෙහි 2.8 වැනි ඡේදයෙහි සඳහන් පළාත් සභා ඡන්ද විමසීම නිරීක‍ෂණය කරනු ඇතැයි රාජ්‍ය නායකයෝ දෙදෙනා එකඟ වෙති.

3. පළාත් සභා ඡන්ද සාධාරනව පැවැත්විමට වාතාවරණය ඇතිකරලනු සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල ග්‍රාමාරක‍ෂකයින් විසුරුවා හැරීමටත් එම පළාත්වලින් උපයෝගී හමුදා පිරිස් ඉවත් කර ගැනීමටත් ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණෝ එකඟ වෙති.

ජනවාර්ගික ප්‍රචණ්ඩ කි්‍රයා නිසා ඇතිවූ එවැනි උපයෝගී හමුදා පිරිස් ශ්‍රී ලංකාවෙහි නිත්‍ය ආරක‍ෂක හමුදාවනට ජනාධිපතිතුමා විසින් ස්වකීය අභිමතය පරිදි අන්තර්ග්‍රහණය කරනු ඇත.

4. ගිවිසගත් පරිදි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන බලධාරීන්ට ද්‍රවිඩ සටන්කාමීන් විසින් ස්වකීය අවි ආයුධ භාරදිය යුතුයැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති. ශ්‍රී ලංකා රතු කුරුස හමුදාවෙහි සහ ඉන්දියානු රතුකුරුස හමුදාවෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් දෙදෙනෙකු හමුවෙහි අවි භාරදීම සිදුකළ යුතුය.

5. සටන් නැවැත්වීම ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දීය රජයේ සුදුසුකම්ලත් නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ ඉන්දු - ශී්‍ර ලංකා නිරීක‍ෂණ කණ්ඩායමක් විසින් 1987 ජූලි මස 31 වැනි දින සිට පරීක‍ෂා කරනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති.

6. සටන් නැවැත්වීම සහතික කිරීමටත්, එය කි්‍රයාත්මක කිරීමටත් ගිවිසුමේ 2.14 සහ 2.16 (ඇ) වගන්ති අනුව ඉන්දීය සාම බලඇණියකට අවශ්‍ය වේ නම් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් ආරාධනා කරනු ඇතැයි ද ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති.

1987 ජූලි 29

උතුමාණනි,

අවුරුදු දෙදහසකටත් අධික කාලයක් මුළුල්ලේ අප දෙරට අතර පවත්නා අපගේ මිත්‍රත්වය ගැන අප දන්නා හෙයින්ද, මෙම සම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිගන්නා හෙයින්ද අප එකිනෙකාගේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ආරක‍ෂාවට අහිතකර කටයුතු සඳහා අපගේ දේශ භූමි යොදා ගැනීමට ඉඩ නොදීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් යළි සහතික කිරීම අත්‍යවශ්‍යය.

2. ඉන්දියාව සැලකිලිමත්වන කරුණු පහත සඳහන් අයුරු නිරාකරණය කරලීමට අපගේ සාකච්ඡාවලදී එය අරමුණු කොට ගෙන ඔබ එකඟ විය.

(අ) විදේශීය හමුදා පිරිස් සහ රහස් තොරතුරු කාර්ය මණ්ඩල සිටීම ඉන්දු - ලංකා සබඳතාවලට අහිතකර නොවන බැව් සහතික කිරීම සඳහා ඔවුන්ගේ උචිතභාවය සහ ඔවුන් උපයෝගි කර ගැනීම පිළිබඳව ඔබතුමා සහ මා අතර ඉක්මනින් එකඟත්වයක් ඇතිකරගනු ඇත.

(ආ) ඉන්දියාවෙහි යහපතට අහිතකර වන අන්දමට ති්‍රකුණාමලය හෝ ශ්‍රී ලංකාවෙහි අන් කිසි වරායක් කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදෙනු ඇත.

(ඇ) ති්‍රකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවූ හවුල් ව්‍යාපාරයෙක් වශයෙන් කි්‍රයාත්මක කරනු ඇත.

(ඈ) විදේශීය ගුවන්විදුලි ප්‍රචාරක සංවිධානයන් විසින් ශ්‍රී ලංකාවෙහි පිහිටුවනු ලබන විවිධ පහසුකම් ප්‍රසිද්ධ ගුවන් විදුලි ප්‍රචාරයන් සඳහා වූ පහසුකම් විනා යුද කටයුතු හෝ රහස් තොරතුරු රැස් කිරිම සඳහා වූ හෝ ඒවා නොවන බවට සහතික කිරීම සඳහා එකී සංවිධාන සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් සමාලෝචනය කරනු ඇත.

3. ඒ අන්දමින් ම ඉන්දියාව විසින් ද

(අ) ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන්නාවූ හෝ ඛෙදුම්වාදය හෝ රටින් කැඩී යාම අනුගමනය කරන්නාවූ සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් නෙරපා හරිනු ඇත.

(ආ) ශ්‍රී ලංකාවේ ආරක‍ෂක හමුදාවන් සඳහා පුහුණුවීමේ පහසුකම් සහ හමුදාවනට අවශ්‍ය භාණ්ඩ සැපයීම් සලසා දෙනු ඇත.

4. ඉහත 1 වැනි ඡේදයෙහි සඳහන් අරමුණු හේතුකොටගෙන පොදුවේ බලපාන කරුණු අඛණ්ඩව සමාලෝචනය කිරීම සඳහා ද විශේෂයෙන්ම මෙම ලිපියෙහි සඳහන් අනෙකුත් කරුණු කි්‍රයාත්මක කිරීම පිළිබඳව පරීක‍ෂා කිරීම සඳහා ද හවුල් උපදේශක සංවිධානයක් ඇති කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

5. උතුමාණෙනි, ඉහත සඳහන් කරුණුවලින් අප දෙදෙනා අතර එළැඹී ගිවිසුම නිවැරදි ලෙස දැක්වෙන බැව් කරුණාවෙන් සනාථ කළ මැනවි.

උතුමාණනි, මගේ අතිශය ගෞරවය පිළිගනු මැනවි.

මෙයට, හිතවත්, රජීව් ගාන්ධි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ෙජ්. ආර්. ජයවර්ධන උතුමාණෝ කොළඹ.

ශ්‍රී ලංකා ජනාධිපති

1987 ජූලි 29

උතුමාණනි,

පහස සඳහන් අයුරු කියැවෙන 1987 ජූලි මස 29 වැනි දින දරණ ඔබේ ලිපියට ඔබගේ අවධානය යොමුකරවනු මැනවි.

උතුමාණනි,

අවුරුදු දෙදහසකටත් අධික කාලයක් මුළුල්ලේ අප දෙරට අතර පවත්නා අපගේ මිත්‍රත්වය ගැන අප දන්නා හෙයින්ද, මෙම සම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිගන්නා හෙයින්ද අප එකිනෙකාගේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ආරක‍ෂාවට අහිතකර කටයුතු සඳහා අපගේ දේශ භූමි යොදා ගැනීමට ඉඩ නොදීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් යළි සහතික කිරීම අත්‍යවශ්‍යය.

2. ඉන්දියාව සැලකිලිමත්වන කරුණු පහත සඳහන් අයුරු නිරාකරණය කරලීමට අපගේ සාකච්ඡාවලදි එය අරමුණු කොට ගෙන ඔබ එකඟ විය.

(අ) විදේශීය හමුදා පිරිස් සහ රහස් තොරතුරු කාර්ය මණ්ඩල සිටීම ඉන්දු - ලංකා සබඳතාවලට අහිතකර නොවන බැව් සහතික කිරීම සඳහා ඔවුන්ගේ උචිතභාවය සහ ඔවුන් උපයෝගි කර ගැනීම පිළිබඳව ඔබතුමා සහ මා අතර ඉක්මනින් එකඟත්වයක් ඇතිකරගනු ඇත.

(ආ) ඉන්දියාවෙහි යහපතට අහිතකර වන අන්දමට ති්‍රකුණාමලය හෝ ශ්‍රී ලංකාවෙහි අන්කිසි වරායක් කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදෙනු ඇත.

(ඇ) ති්‍රකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවූ හවුල් ව්‍යාපාරයෙක් වශයෙන් කි්‍රයාත්මක කරනු ඇත.

(ඈ) විදේශීය ගුවන්විදුලි ප්‍රචාරක සංවිධානයන් විසින් ශ්‍රී ලංකාවෙහි පිහිටුවනු ලබන විවිධ පහසුකම් ප්‍රසිද්ධ ගුවන් විදුලි ප්‍රචාරයන් සඳහා වූ පහසුකම් විනා යුද කටයුතු හෝ රහස් තොරතුරු රැස් කිරිම සඳහා වූ හෝ ඒවා නොවන බවට සහතික කිරීම සඳහා එකී සංවිධාන සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් සමාලෝචනය කරනු ඇත.

3. ඒ අන්දමින් ම ඉන්දියාව විසින් ද

(අ) ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන්නාවූ හෝ ඛෙදුම්වාදය හෝ රටින් කැඩියාම අනුගමනය කරන්නාවූ සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් නෙරපා හරිනු ඇත.

(ආ) ශ්‍රී ලංකාවේ ආරක‍ෂක හමුදාවන් සඳහා පුහුණුවීමේ පහසුකම් සහ හමුදාවනට අවශ්‍ය භාණ්ඩ සැපයීම් සලසා දෙනු ඇත.

4. ඉහත 1 වැනි ඡේදයෙහි සඳහන් අරමුණු හේතුකොටගෙන පොදුවේ බලපාන කරුණු අඛණ්ඩව සමාලෝචනය කිරීම සඳහා ද විශේෂයෙන්ම මෙම ලිපියෙහි සඳහන් අනෙකුත් කරුණු කි්‍රයාත්මක කිරීම පිළිබඳව පරීක‍ෂා කිරීම සඳහා ද හවුල් උපදේශක සංවිධානයක් ඇති කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

ඉහත සඳහන් කරුණුවලින් අප දෙදෙනා අතර ඇති කරගත් සම්මුති නිවැරදි ලෙස දැක්වෙන බැව් සනාථ කරමි.

උතුමාණනි, මගේ අතිශය ගෞරවය පිළිගනු මැනවි.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති

ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍ය, අතිගරු රජිව් ගාන්ධි උතුමාණෝ නවදිල්ලිය.

Sunday, July 18, 2010


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැදින්වීම.

ඇමරිකා‍වේ බ්‍රේට්න්වුඩ් නගරයේදී 1944 පවත්වනලද එක්සත් ජාතීන්ගේ මූල්‍ය සම්මේලනයේදී ඇතිකරගත් බ්‍රේට්න්වුඩ් ගිවිසුමට යටතේ 1947 මාර්තු 01 වන දින ජාත්යතන්තර මූල්‍ය අරමුදල අරඹන ලදි.

1930 ගණන්වල ඇතිවූ ලෝක ආර්ථීක අවපාතය නිසා ලෝකයේ සෑමරටකම පාහෙ ජාත්‍ය න්තර වෙළදාමෙන් වාසිදායක තත්වයක් ඇතිකර ගැනීම සඳහා ආරක්‍ෂක තීරු බදු ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම මුදල් අවප්‍රමානය කිරීම හා වෙනත් වෙළඳ බාධක පවත්වන ලදි. සෑම රටක්ම මේම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන්ගත් නිසා විදේශ වෙළඳාම බිද වැටීම, සේවා නියුත්තිය පහල වැටීම, අකාරියක්‍ෂගම ලෙෂ සම්පත් ඛෙදීයාම යනඅහිතකර තත්වයන්ට මුහුණ දීමට සෑම රටකටම සිදුවිය. මේනිසා විදේශිය වෙළදාම හා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙණු හැසිරවීම සඳහා සමිමත නීතිමාලාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම අපේක්‍ෂවෙන් ජා‍ත්‍යන්තර මූල්යි අරමුදල පිහිටුවා ගන්නා ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ හිගයන් පියවා ගැනීමට ණය දීම කරයි.


[සංස්කරණය] අරමුදලේ ප්‍රධාන අරමුණ හා කාර්යභාරය

සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ අසමතුලිතථා තුලනය කරගැනීමට අවශ්ය. කෙටිකාලීන ණය සැපයීම අරමුදලේ ප්‍රධාන කර්යයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සාමාජික යන්ට අවශ්යට උපදෙස් හා සහයෝගය දැක්වීම විනිමය ස්ථාවරත්වය වැඩිදියුනු කිරීම ක‍්‍රමාණුකූල විනිමය වැඩපිළිවලක් සැකසීම හා තරගකාරී ලෙස විනිමය අවප්‍රමානය ඉවත්කිරීම සඳහා සහය වීම මෙයින් සිදුකරයි.


[සංස්කරණය] සාමාජිකයින්ට ණය ලබාදීමේ කොන්දේසි

ණය ලබාගත හැක්කේ ගෙවුම් තුලනයට වර්තන ගෙවීම් හිඟය පියවීම සඳහා කෙටිකාලීන ණයයි. එසේම සාමාජික රටවලට අරමුදලේ සිය දායකත්ව පංගුවෙන් වර්ෂයකට 25% කට වඩා ණය ලබාගත නොහැක. එසේම අරමුදලෙන් ණයට ගන්නා මුදල් රටකින් රටකට සිදුවන ප්‍රාග්ධන පැවරුම් සඳහා භාවිතා කළ නොහැක.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අරමුදල් ගන්නේ සාමාජික රටවල් විසින් ගෙවනු ලබන සාමාජික මුදල් සංවර්ධිත රටවලින් ලබාගන්නා ණය ආධාර හා දියුණු රටවල මුදල් වෙළඳපොලට සුරැකුම්පත් හා ණයකර නිකුතුව මගිනි.


[සංස්කරණය] ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව - ඓතිහාසික පසුබිම

1952 ජනවාරි 17 වන දින ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගත් අතර ශ්‍රී ලංකාවට වෙන්කර දෙන ලද දායකත්වය ආරම්භයේදී ඇමරිකානු ඩොලර් දශලක්ෂ 45 කි. 1960 න් පසු ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ හිඟයන්ට මුහුණ දුන් නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනී මට යොමු විය.

ශ්‍රී ලංකාව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගෙන ඇත්තේ 1977 වර්ෂයේදීය. එය ඇමරිකාණු ඩොලර් මිලියන 133.6 ක සමස්ථ ණය පහසුකමකි. ඉන්පසුව 1979,1980,1981,1982,1983,1988,1989, යන වර්ෂවලදී ද ණය මුදල් ලබාලෙන තිබේ. මේ වර්ෂ අතරින් වැඩිම ණය මුදල ලබාගෙන තිඛෙන්නේ 1981 දී ය. පහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ විවිධ අවස්ථා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති ණය පිළිබඳ විස්තරයකි.

1977 සහ 2009 කාලපරිචිඡේදය තුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති ණය පහසුකම් (වි.ගැ.හි. දශ ලක්ෂ)


වර්ෂය විස්තර අනුමත කරන ලද ප්‍රමාණය ලබාගත් ණය ප්‍රමාණය
1977 සමීපස්ථ ණය පහසුකම -- 133.6
1979 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි හර ගැනීම් -- 29.7
1980 ජාත්‍යන්තර මූල්‍යඅරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් -- 55.1
1981 හිලව් ණය සැපයීමේ ක්රලමය හා විස්තීර්ණ ණය පහසුකම් -- 176.0
1982 හිලව් මුදල් ණය පහසුකම් -- 39.2
1983 සමීපස්ත ණය පහසුකම් 100.0 50.0
2001 සමීපස්ථ ණය පහසුකම 200.0 200.0
2003 දිළිඳුකම අඩු කිරීම සහ ආර්ථීක වර්ධන පහසුකම 269.0 38.4
2005 ස්වාභාවික ආපදා තත්ත්වයන්ට කඩිනම් ආධාර 103.4 103.4
2009 සමීපස්ථ ණය පහසුකම 1653.6 --

මෙම ණය සැමවිටම ලංකාව ලබාගෙන ඇත්ේත් විවිධ කොන්දේසි වලට යටත්වය. මෙම කොන්දේසි වලට අනුකූලව කටයුතු නොකරන සෑම අවස්ථාවකදීම ඉතිරි වාරික මුදල් ලබාදීම අත්හිටවනු ලැබේ. මෙම ලබාගන්නා මුදල් වැය කරන ආකාරය හා රජයේ ආර්ථීක ක්‍රියා පිළිවෙත අධීක‍ෂණය කිරීම නිරන්තරයෙන් සිදු වේ.


[සංස්කරණය] 2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ලබා ගැනීමට හේතු වූ පසුබිම

පසුගිය කාලය පුරාවට රටේ තිබූ විදේශ සංචිත ප්‍රමාණය විශාල වශයෙන් අඩුවිය. මෙයට වසරකට පමණ පෙර නිල විදේශ සංචිත මාස 51/2 ක කාලයක් විදේශ ආධාර වලින් තොරව යැවීමට තරම් ප්‍රමාණවත් විය. එහෙත් ශ්‍රී ලංකාවේ මහ බැංකු ප්‍රතිපත්ති සම්පාදකයින් රුපියල අව ප්‍රමාණ වීමට ඉඩ නොදී වැඩි අගයක් ලබා දීම සඳහා රජයේ විදේශ විනීමය සංචිත යොදාලනිමින රුපියලේ අගය රැක ගැනිමට කටයුතු කල නිසා විදේශ සංචිත විශාල ලෙස අඩුවීමක් සිදුවිය. එකේ මාස 51/2 කට ප්‍රමාණවත් වූ සංචිත මේ වන විට මාසයකට පමණක් ප්‍රමාණවත් මට්ටමට කඩා වැටුණි. මෙම විදේශ සංචිත අඩුවීම මත පසුගිය පෙබරවාරි මාසයේදී පමණ සම්පස්ථ ණය මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක් (රුපියල් කෝටි 1900 පමණ) පමණ අපේක්‍ෂා කරන බවට වූ ඉල්ලීම මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන ලදි. මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ‍දෙකක් මෙම ඉල්ලීම විමර්ශණය කරන ලදි. සාමාන්‍යයෙන් සමීපස්ථ ණය මුදල් මූල්‍ය අරමුදල සපයන්නේ හදිසියේ ඇතිවන ගෙවුම් ශේෂ හිගයක් මග හරවා ගැනීමටය. මෙම මුදල් ගෙවුම් ශේෂය පියවීමට හැර වෙනත් කිසිම කරුණකට යෙදවීම තහනම්ය. මෙම ණය කෙටිකාලීනය. උපරිම මාස 5 න් ගෙවීමට සිදුවේ. සංවර්ධන ණය මුදලකට වඩා පොළියද ඉහලය. සාමාන්යකයෙන් 4% ත් 5% ත් අතර මට්ටමක පවතී.


[සංස්කරණය] මතභේදයට තුඩුදුන් 2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය අනුමත වෙයි

.

ලංකාවේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීමට සහයෝගයක් වශයෙන් 2009 ජූලි 24 දින මෙම ණය මුදල අනුමත කරන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට පිරිනමන ලද විශාලතම ණය පහසුකම මෙයයි. පළමු මුදාහැරීම වශයෙන් එ.ජ./ දශ ලක්ෂ 322 ක් ශ්‍රී ලංකාවට ලැබුණි. අයහපත් හේතු කිහිපයක බලපෑමෙන් ගෙවුම් ශේෂය හිඟයකට හැරුණු අතර විදේශීය නිල සංචිත සැලකිය යුතු ලෙස පහත වැටුණි. මේවාට පිළියමක් ලෙස ණය පහසුකම බලාපොරොත්තු විය. මාස 20 ක් තුල සපයන මෙම ණය අවසාන වාරිකය 2011 මාර්තු මාසයේදී මුදාහැරේ. 2012 අ‍ප්‍රේල් මාසයෙන් අරඹා වසර 4 ක් ඇතුලත මෙය ගෙවා නිමකළ යුතුය. පොලී අනුපාතිකය කොටස් 2 කි. විදේශ ගැණුම් හිමිකම් අනුපාතිකය මත සතියකට වරක් සේවා ගාස්තු ගනනය කරයි. පොලී අනුපාතිකය වෙළඳපොල පොලියට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගනී.

සමීපස්ථ ණය පහසුකම වැඩසටහන යටතේ තිඛෙන සාර්ව ආර්ථීක ප්රවථීපත්ති සහ ඉලක්ක

01 2009 සඳහා රජයේ අයවැය හිඟය ද.දේ.නි යෙහි ප්‍රතිශතයක් ලෙස 7% ක් ලෙස පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ

02 රාජ්‍ය මූල්‍ය එකාග්‍රතා මාවත මාවත මගින් මගින් සෞඛ්‍ය, අධ්්‍යපන හා සමෘද්ධි දීමනා සඳහා වන වියදම් වැනි සාමාජීය අවශයතා වෙනුවෙන් වූ වියදම් ආරක‍්ෂා කරමින් ගැටුම් වලට බඳුන් වූ වියදම් ආරක්ෂා කරමින් ගැටුම් වලට බඳුන් වූ ප්‍රදේශවල සහන සැලසීම, නැවත පදිංචි කරවීම සහ යළි ගොඩනැගීම සඳහා වැයවන වියදම් වෙනුවෙන් ඉඩ සලසා දීම.

03 මෙම ප්‍රතිපත්ති සහතික කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජිකයින්ගේ විශ්වාසය වැඩිවන අතර දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා මෙන්ම ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ආයතන මගින් ණය මුදල් ආකර්ශනය කර ගැනීමට හැකියාව ලැබීම.

04 මෙසේ ලබාගන්නා ආයෝජන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම ගැටුම් පවතින ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු සහ සහන සැලසීම සඳහා යොදාගත හැකි අතර එමගින් දිගු කාලීනව රටේ නිශ්පාදනය සහ රැකියා අව්ස්ථා වැඩිකර ගැනීම මගින් අනාගත ආර්ථීක වර්ධනය සහ සාර්ව ආර්ථීක සමතුලිතතාවය අත්කර ගත හැකිවනු ඇත.

01- පවතින අර්බුදයෙන් වැලකීම සඳහා ශ්‍රී ලංකාවේ සංචිත නැවත වර්ධනය කිරීම.

02- ගැටුම් අවසන් වීමෙන් පසු නැවත ගොඩනැංවීමේ ප්රායත්නය සඳහා සහයෝගය දැක්වීම.

03- දිලිඳු පුද්ගලයන්ට රැකවරනය - ආධාර සැපයීම.(Protection for poor,assisting the most vulnerable) මෙහි ප්‍රධාන අරමුණු වේ.


*සංචිතවර්ධනය.

*දැරිය හැකි මට්ටමට අයවැය හිගය අඩු කිරීම.

*මූල්ය අංශය ශක්තිමත් කිරීම.

ගැටුම් පැවති ප්‍රදේශ ප්‍රතිසංස්කරනය යන කරුණු ඔස්සේ ලංකා රජය සකසන ලද වැඩසටහනට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවට මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීමේ මෙහෙයුම් ප්‍රධානී බ්‍රයන් අයිට්කින් (Brian Aitken) මහතා පවසන පරිදි ශ්‍රීලංකාව වසර ගණනාවක් පුරා විශාල අයවැය හිඟයක් පවත්වාගෙන යමින් එය කෙටිකාලීන ණය මුදල් මගින් මූල්යදනය කර ගත්තත් ගෝලීය මූල්‍ය අරමුදතුල ජාත්‍යන්තර වෙළඳපොලෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් විනිමය අනුපාතය අවපමාණය වීම එරට විදේශ සංචිත මත පීඩනයක් ඇතිකිරීමට හේතු වූ බැවින් එය වැලැක්වීම සඳහා මැදිහත් වීමක් වශයෙන් මෙම ණය මුදල ලබා දීමට එකඟ වී තිබේ.

මෙම ණය මුදල ලබා ගැනීමේදී රජයේ ප්රූධාන අරමුණක් වී තිඛෙන්නේ අයවැය හිඟය දැරිය හැකි මට්ටමට අඩු කිරීමයි. මෙම අරමුණ ලඟා කර ගැනීම සඳහා බදු පදනමේ සංශෝධනයක් හදුන්වා දීම තුළින් අධිභාරය වැඩිකර ගැනීමට 2010 අයවැය ආරම්භයේදී සැලසුම් කර ඇත. එසේම සමාජ සේවා බලාපොරොත්තු වන අයට හා දිළිඳු අයට රැකවරණය සැලසීමේ කටයුතු පවත්වාගෙන යාමද අත්‍යාවශ්‍ය වේ.

මෙම ණය මුදල සෘජුවම යොමුවන්නේ මහ බැංකුවේ සංචිත වලටයි. එහිදී නම්‍ය විනිමය අනුපාතය යොදාගනිමින් විදේශ සංචිත නැවත ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙය ආර්ථීකයේ කම්පන දරාගැනීමේ හැකියාව වර්ධනය වීමට හේතුවේ. රටේ පවතින ගෙවුම් ශේෂ අර්බුදය වැලැක්වීමටත්මෙය හේතුවනු ඇතැයි රජය අපේක්ෂා කරයි. එමගිනි ආයොජකයන්ගේ විශ්වාසය ආරක්ෂා කරගත හැකි බැවින් ඉහල ආර්ථීක වර්ධනයක් ළඟාකර ගත හැකිවේ.තව දුරටත් රජයේ ප්‍රධාන අරමුණක් වන ගැටුම් ඇති ප්‍රදේශ වල අවතැන් වූවන් නැවත පදිංචි කරවීම හා ඔවුන්ට අවශ්යත සමාජීය ආරාක‍ෂාව සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද මෙම මුදල් යෙදවීමට අපේක‍ෂා කර ඇත.

මෙම ණය මුදල මගින් රජයට වැඩි සම්පත් ප්‍රමාණයක් ක‍ෂණිකව සැපයෙන අතර එම මුදල යළි ගොඩනැංවීමේ වෑයම සඳහා යෙදවිය හැකිය. එසේම මෙම ක්‍රියාදාමය මගින් ජාත්‍යන්තර ප්‍රධානයන් ලබාදෙන්නට රාමුවක් සලසා දෙන අතර ඔවුන්ට මෙරටට පැමිණ රජයයට යළි ගොඩ නැංවීමේදී අවශ්ය‍ සහයෝගය ඉදිරි වර්ෂ වලදී ලබාදීමට හැකියාව ලැඛෙනු ඇත. මේ නිසා යටිතල පහසුකම් නැවත ගොඩනැගීම්, මාර්ග, රෝහල්, පාසල් ගොඩනැගීම යළි පදිංචි කරවීම ආදිය කඩිනමින් සිදුකිරීමේ හැකියාව ලැඛෙනු ඇත. මේ වන විටත් රජය 2007 දී ආරම්භ කරන ලද නැගෙනහිර පළාත යළි ගොඩනැගීමේ අත්දැකීම් පදනම් කරගෙන සම්පූර්ණ යළි ගොඩනැගීමක් මේ වන විට සිදුකරමින් පවතී.


[සංස්කරණය] ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙහි සාර්ව ආර්ථික බලපෑම

මූල්‍ය අරමුදලෙන් ලැබුණාවූ ණය සාමාන්යෙන් සිදුවන්නේ විදේශ සංචිත වැඩි වීමයි. විදේශ සංචිත යන්නු රජය මහ බැංකුව හා වාණිජ බැංකු මාර්ගයෙන් භාණ්ඩ හා සේවා අපනයන ඉපයීමයි. විදේශ ආයෝජන ගලා ඒම් විදේශ ණය ආධාර හා විදේශ ප්‍රදාන වශයෙන් රටට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණයේ විදේශ වත්කම් ලෙස හැදින්වෙ. විදේශ සංචිත ශක්තිමත් වන විට පිරිහෙමින් පැවැති විදේශ විනිමය අනුපාතිකය ශක්තිමත්වේ. එහිදී රුපියලේ බාහිර අගය ශක්තිමත් කර ගැනීමට හැකිවේ. රුපියලේ බාහිර අගය ශක්තිමත් වීම යනු මුදල් ඒකකයකින් මිලට ගත ගැකි විදේශිය මුදල් ඒකක ප්‍රමාණය අනුව මෙරටමුදල් ඒකකයකට ඇතිවන අගය ඉහල යාමයි. මේ සමගම රුපියල ජාත්‍යන්තරය පිළිගැනීමට ලක්වේ. මෙමගින් ආනයන ශක්‍යනතාව ඉහල යන අතර ආර්ථීකයේ විදේශ ගේවීම් ශක්තිය වැඩිවේ. මෙම බලපෑම මත ස්වෛර්ත‍ව ණයේ ශේණි ගත කිරීම යහපත් තත්වයකට පත්වේ. මෙමගින් ඍජු විදේශ ආයෝජන මෙන්ම කොටස් වෙළඳ පලට එන ආයෝජනය ආකර්ශනීය විය හැකිය.

මෙම ණය මුදල ලබාගැනීමේදී රජයේ ප්‍රධාන කොන් දේසියක් වුයේ අයවැය හිගය 07% දක්වා අඩුකිරීමයි. (ද.දේ.නි ප්‍රතිශතයක් වශයෙන්) එම අරමුණ ඉටු කර ගැනීමට නම් රජයට විශාල වශයෙන් තම වියදම් කලමණා කරණයට යාමට සිදුවණු ඇත. නැතිනම් වර්තන වියදම් සැලකිය යුතු ආකාරයකින් කපා හැරීමට රජයට සිදුවන බව පැහැදිලිය. එසේත් නැතිනම් ආයෝජක වියදම් කපා හැරීම සිදු කළ හැකිය. මෙම පියවර අනුගමනය නොකරන්නේ නම් රජ්‍ය ආදායම සැලකිය යුතු ලෙෂ වැඩි කර ගැනීමට රජයට සිදු වනු ඇත. නමුත් පසු ගිය වසර කීපය තුල ශ්‍රී ලංකාවේ රාජ්යි ආදායම දෙස බැලීමේදී එය අපේක්ෂාන මට්ටමට ළගාවු බවක් පෙනෙන්නට නැත. පසුගිය වසරේ රාජ්යය ආදායම රුපියල් බිළියන 750 ක් පමණ වෙතැයිඅපේක්ෂාට කළත් වසර අවසාන විට රජයට ලැබුනේ රුපියල් බිලියන 655 ක් පමණි. එසේම මෙම වසරේ රජ්යද ආදායම රුපියල් බිලියන 854 ක් වෙතැයි ඇස්තමේන්තු කර තිබුනත් වසරේ මුල් මාස 04 දී රජයට ලබා ගත හැකිවී තිඛෙන්නේ රුපියල් බිලියන 190 ක ආදියමක් පමණි. ඒ අනුව පෙනීයන්නේ මේ වසරේදීද රජය අපේක්ෂාක කරන ආදියම් ලබාගැනීමට අසීරු කරුනක් වී ඇති බවයි. අපනයනය වැඩිවී ආනයනය ඉහල යන තත්වයක් පෙනෙන්නට නැති අතර එයට සාපේක්ෂකව ආනයනයේ වියදම් ඉහල ගොස් ඇති ස්වරූපයක් පෙනෙන්නට තිබේ. ආදායම වැඩි කරගැනීමේ අරමුණු ඉටු කරගැනීම සඳහා රජයට බදු ගෙවන මාර්ග වලින් ආදායම වැඩිකර ගන්නා බවට එකතුවී ඇති අතර එයට රාජ්යන ව්ය වසායන්ගේ ලාභ ලබා ගැනීමත් ගාස්තු හා අයකිරීම් වැඩි කිරීමටත් තීරනය කර ඇත. මෙම අරමුන ඉටුකර ගැනීමටණය මුදලේ කොන්දේසියක් වී තිඛෙන්නේ දැනට පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය පාඩු නොලබන තත්වයට පත් කරලීමයි. එය පාඩු නොලබන තත්වයට පත් කිරීමට අපේක්ෂාද කරයි. එය ප්‍රයෝගිකව අත් කරගැනීම අසීරුය.

ආදායම වැඩි කරගැනීමට නොහැකි නම් ගතහැකි අනෙක් ක්‍රියා මාර්ගය වියදම් සීමා කිරීමයි. නැතිනම් වියදම් කපා හැරීමයි. එහෙත් රජයේ වියදම් කපා හැරීමද මේ වනවිට යම් ගැටලූ සහගත තත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. විශේෂයෙන් යුද්ධයෙන් අවැතැන් ජනතාවගේ ගැටලූව නිසා මේ වනවිට රජයට විශාල වියදම් දැරීමට සිදුවී ඇත. රජය කිසිදු වියදමක් කපා හැරීමට අපේක්ෂාේ නොකරයි. නමුත් 2010 අයවැය සකස් කිරීමේ දී ප්‍රග්ධන වියදම් කපා හැරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එමගින් රජයේ ආයෝජන පහල යෑමේ ප්‍රවනතාවක් ඉදිරි කාලයේදී ඇති විය හැක. ආර්ථීකයේ ආයෝජන අඩු කිරීම තුලින් සමහර ඉල්ලූමේ අඩු වීමක් සිදුවිය හැකි අතර දිගු කාලයේදී එය ආර්ථීකයේ නිමවුම් මට්ටම අඩුවීමකට බලපා එය ආර්ථීක වර්ධන අරමුණට ලගාවීම වලක්වයි.

මෙම ණය මුදලෙන් 70%-80% අතර ප්‍රමාණයක් උතුරු නැගෙනහිර අවැතැන්වූවන් සඳහා යොදවන බවට රජය එකග වී ඇත. මෙහිදී මතුවන ගැටලූව වන්නේ සමස්ත ජනගහනයෙන් ඉතා සුළු ප්රනථීසතයක් වෙනුවෙන් සමස්ත ණය මුදලෙන් මෙතරම් විශාල ප්‍රමාණයක් වැය කිරීමෙන් අතිමහත් බහුතර ජනතාවගේ සුභ සාධන අවශ්යමතා වෙනුවෙන් යෙද වීමට තිඛෙන මුදල් සීමා වීමක් වේ.

මෙය සමානාත්මතා අරමුණ විවාධයට ලක් කරයි. මෙසේ යොදවනු ලබන ලද මුදල් ප්‍රධාන වශයෙන් ඛෙදී යන්නේ එම අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ හා යළි ගොඩනැංවීමේ කටයුතු සඳහාය. මෙහිදී මෙම මුදල සීමිත වශයෙන් ආයෝජන වෙත යොමු කරන අතර වැඩි වශයෙන් ආර්ථීක වර්ධනයක් සිදුවේ යයි අපේක්ෂා කිරීම අපපහසු වේ.

ශ්‍රී ලංකා බලධාරීන් අනුගමනය කල ප්‍රතිපත්ති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතික කිරීමත් සමග ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිවන අතර දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා මෙන්ම ද්වි පාර්ශ්වීය හා බහු පාර්ශ්වීය ආයතන මගින් ණය මුදල් ආකර්ශනය කර ගැනීමට රටට හැකිවනු ඇත. මෙසේ ලබාගන්නා ආයෝජන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම ගැටුම් පැවති පූදේශවල ප්රකතිසංස්කරණ කටයුතු සහ සහන සැලසීම සඳහා යොදාගත හැකිවන අතර එමගින් දිගුකාලීනව රටෙහි නිශ්පාදනය සහ රැකියා අවස්ථා වැඩිකර ගැනීම මගින් අනාගත ආර්ථීක වර්ධනය සහ සාර්ව ආර්ථීක සමතුලිතතාව අත්කරගත හැකිවනු ඇත

ජාතික හෙළ උරුමය

ජාතික හෙළ උරුමය


ජාතික ‍ෙහළ උරුමය භක්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකිය දේශපාලන පක්ෂයක. 2004 දී ගහියන් මුල් කර ගත් සිංහල ජාතිවාද පක්ෂයක් වූ සිහළ උරුමය මෙම පක්ෂය පහට වීය. ආරම්භක සාමාජිකයන් අතර කොලොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හමි, එල්ලාවල මේධානන්ද හිමි, ඕටල්ප්ඒ සෝභත හිමි, අතුරලයේ රතන හිමි සහ තිලක් කරුණාරත්න යන අය වූහ. සමස්ත ලංකා භික්ෂු සංවිධානය ඇතුළු ශ්‍රි ලාංකිය සමහර බෞද්ධයෝ භික්ෂූන් දේශපාලනයට පැමිණිමට විරුද්ධ වූහ. එහෙත් මධ්‍යම පාන්තිකයන් සහ තරුනයන් ගේ පක්ෂයට සහය ලැබිනි.

ඉතහාසය ජා.හේ.උ සිය ප්‍රථම මැතිවරණයට තරග වැදුණේ 2004 අ‍ෙප්‍රල් 2 පැවති මහ මැතිවරණයේ දී එහි සියලු අපේක්ෂකයෝ භික්ෂූන් වූහ. පක්ෂය 6% ඡන්ද ලබාගත් අතර ආසන 225 න් නමයක් දිනාගත්තේය.

මැතිවරනයේ සිට පක්ෂය බොහෝ ආන්දෝලාත්මක සිඳුවීම් ගණනකටම සමිබන්ධ විය. උදාහරන ලෙස සදාචාර විරෝධි අන්‍්‍යාගමිකරණය වැලැක්වීමට පණතක් ගෙන ඒමට උත්සාහ ‍ෙකරිණ. පක්ෂයේ පාර්ලමේන්තු පිල තුළද යම් යම් ගැටුම් ඇතිවී ඇත්තේ මැතිවරනයකට පෙර හඳිසියේ එක්වූ කන්ඩායම තුළ රාජ්‍්‍ය පාලනය සමිබන්ධයෙන් එකමුතුවක් නොමැති බැවිනි.

ආරම්භක සාමාජිකයන් දෙදෙනෙකු වූ කොලොන්නාවේ සුමන්ගල හිමි සහ උඩුවේ ධම්මාලෝක හිමි පක්ෂය හැර ගියේ ගිහි බික්ෂූ අරගලයක් හේතුවෙනි.සිහළ උරුමයේ ආරම්බකයාද එජාපයට එක්විය. මාස ගණනක ගැටුම් වලින් පසු අතුරලයේ රතන හිමි නම් තරුණ හිමිනමකගේ සහ සිහළ උරුමයේ සාමාජික චම්පික රනවකගේ නායකත්වයෙන් පක්ෂය නැවත ස්ථාවර විය. එල්ලාවල මේදානන්ද සහ ඕමල්පේ සෝභිත හමි වරු නායකත්වය දරති. නෙවිල් කරුණාතිලක සහ උදය ගම්මණ්පල තවත් ප්‍රභල නායක දෙපළකි. ත්‍රස්තවාදයට එරහිව ජාතික වි්‍යාපාරය, උතුරු නැගෙනහිර සිංහල සංවිධානය,SPUR සහ තවත් ජාතික සහ අන්තර්ජාතික සිංහල ජාතිවාදී කන්ඩායම් සමග පක්ෂය සම්බන්ධය .

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුන්ගගේ නිලකාලය අඩුකරීම සඳහා ජා.හේ.උ. ඉදිරිපත් කළ පෙත්සම සාර්ථකවිය. 2005 ඔක්තෝබර් මස ජා.හේ.උ. හිටපු සාමාජික උඩුවේ ධම්මාලෝක හිමි පැවසුවේ දේශපාලනයට පිවිසිමට ගත් තින්දුව වැරදිබවට ජා.හේ.උ. භික්ෂූන් කල්පනා කරමින් සිටින බවය. ආගමික කටයුතු කෙ‍ෙරහි අවධානය යොමු කිරීමෙන් වඩා ධනාත්මක බලපෑමක් ශ්‍රි ලාංකිය සමාජය වෙත කළ හැක බව තමා විශ්වාස කරන බව පැවසූ උන්වහන්සේ වර්තමාන භික්ෂූ මන්ත්‍රිවරුන් උත්සාහ කරනුයේ අනාගතයේ භික්ෂූන් දේශපාලනයට පිවිසිම වැලැක්වීමට බවත් ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් උඩුවේ ධම්මාලෝක සහ අනෙත් හමි වරැ මන්ත්‍රිධූරවලන් ඉවත් වන්නේද නැතහොත් භික්ෂූන් දේශපාලනය තහනම් වන නිති සකසන්නේද යන්න අපහැදිලය. 2005 ජනාධිපත වරණයේ දී ජා.හේ.උ. මහින්ද රාජපක්ෂට සහය දැක්වීය. 2007 දී පක්ෂය නිලවශයෙන් රාජ්‍්‍ය පක්ෂ ආණ්ඩුවට එක් වූ අතර ගිහි සාමාජික චම්පික රණවක පරිසර අමාත්‍්‍ය ධූරයට පත් විය.

ජනාධිපති ඩී.බී. විජේතුංග

ජනාධිපති ඩී.බී. විජේතුංග

(ජනාධිපති ඩී. බී. විජේතුංග වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය
ඩිංගිරි බණ්ඩා විජේතුංග
4වන ශ්‍රී ලංකා ජනාධිපති
තනතුර දැරීම
මැයි 1, 1993 – නොවැම්බර 12, 1994
පූර්වප්‍රාප්තිකයා රණසිංහ ප්‍රේමදාස
අනුප්‍රාප්තිකයා චන්ද්‍රිකා කුමාරතුංග
9වන ශ්‍රී ලංකා අගමැති
තනතුර දැරීම
ජනවාරි 2, 1989 – මැයි 1, 1993
පූර්වප්‍රාප්තිකයා රණසිංහ ප්‍රේමදාස
අනුප්‍රාප්තිකයා රනිල් වික්‍රමසිංහ
උපත පෙබරවාරි 15 1916(1916-02-15)
උඩුනුවර, ලංකාව
විපත සැප්තැම්බර 21, 2008 (මිය යන විට වයස 92)
මහනුවර, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය
ආගම බුද්ධාගම
රාජ්‍ය ලාංඡනය

ඩිංගිරි බණ්ඩා විජේතුංග (පෙබරවාරි 15,1916 - සැප්තැම්බර් 21 2008) යනු ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා (මැයි 1,1993 - නොවෙම්බර් 12,1994) සහ ශ්‍රී ලංකාවේ අගමැති (මාර්තු 3,1989 - මැයි 7, 1993) සහ වයඹ පළාත් අාණ්ඩුකාරතුමා (1988 - 1989) ලෙස කටයුතු කළ අව්‍යාජ ජන නායකයෙති.
ශ්‍රී ලංකා ජාතික ධජය

මෙරට තුන්වන ජනාධිපතිවරයා ලෙස වසරක කාලයක් කටයුතු තළ ඩී. බී. විජේතුංග මහතා ඉතා සරල දිවි පෙවෙතක් ගත කළ තැනැත්තෙකි.අව්‍යාජ ජන නායකයකු ලෙස ජන හදවත් වල රැදුණු විජේතුංග මහතා ප්‍රජාතන්ත්‍රවාදී ගතිගුණවලින් සම්පූර්ණ වූවකු විය.


පටුන
[සඟවන්න]

* 1 පෙර දිවිය
* 2 දේශපාලන දිවිය
* 3 සැදෑ සමය
* 4 සමු ගැනීම
* 5 මෙම අඩවිය බලන්න

[සංස්කරණය] පෙර දිවිය

කන්ද උඩරට උඩුනුවර පොල්ගහ අංග ග්‍රාමයේ උපත ලබා ගම්පොළ ශාන්ත ඇන්ඩෲ විදුහලේ අධ්‍යාපනය නිමවා සමුපකාර පරීක්ෂකවරයකු ලෙස ජීවිතය ඇරඹූ ඩී. බී. විජේතුංග මහතාට දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණවන්නට ලැබුෆණ් උඩරට කීර්තිමත් ඇමතිවරයකු වූ ඒ. රත්නායක මහතාගේ ‍‍පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු නිසාය.
[සංස්කරණය] දේශපාලන දිවිය

විජේතුංග මහතා දේශපාලනඥයකු ලෙස තම ජීවිතය ආරම්භ කරනුයේ 1965 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් උඩුනුවර ආසනයට තරඟ කරමිනි. නැවත 1977 මහ මැතිවරණයේ දී ජය ලැබූ ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමතිවරයා වූ විජේතුංග මහතා පසුව විදුලි හා බලශක්ති,කෘෂිකර්ම, තැපැල් හා විදුලි සංදේශ සේවාවේ විශේෂ ප්‍රගතියක් ඇති කිරීමට සමත් විය.


1988 පළාත් සභා ක්‍රමය ඇති කිරීමෙන් පසු වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරයට පත්වූ විජේතුංග මහතා යළිත් පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වනුයේ ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේය. 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කොට ජය ලැබූ ඒ මහතා අග‍මැති ධුරයට පත් ‍කෙරිණි.

ශ්‍රී ලංකාවේ 12 වන අගමැතිවරයා ලෙස කටයුතු කරමින් මුදල් ඇමති පදවිය දැරීමේ භාග්‍යය ද එතුමාට හිමි විය.

1993 මැයි 1 දින පැවති මැයි රැළියේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් සමඟ ව්‍යවස්ථානුකූකව ජනාධිපති ලෙස පත්වීමට විජේතුංග මහතාට අවස්ථාව ලැබිණි.


ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ විජේතුංග මහතාගේ ජීවිත‍‍යේ විශේෂ ලක්ෂණයක් නම් කාල කලමණාකරණයට තිබූ දක්ෂතාවයයි.
[සංස්කරණය] සැදෑ සමය

1994 විධායත ජනාධිපති ධූරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්වීමත් සමඟම ‍‍දේශපාලන කටයුතු වලින් සමුගෙන පිළිමතලා‍‍‍වේ පිහිටි සිය නිව‍‍සේ විශ්‍රාම දිවියක් ගත කළ විජේතුංග මහතා සිය පාලන කාල‍‍‍යේදී මෙන්ම දේශපාලනයෙන් අෑත්ව සිටි කාලයේදීත් ජනහිතකාමී ලෙස ක්‍රියා කිරීම වි‍‍‍ශේෂත්වයකි. ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත්ත ද එතුමා සමාජ ‍වෙනු‍‍වෙන් සිය ජීවිතය කැපකළ ආදර්ශමත් නායක‍‍‍යෙක් විය.
[සංස්කරණය] සමු ගැනීම

දිගු කාලීනව අසනීපවීම හේතුවෙන් 2008ල සැප්තැම්බර් 21 පෙ.ව 9.30ට පමණ නුවර මූලික රෝහලේ දී අභවප්‍රාප්ත විය.

(සිළුමිණ පුවත්පත ඇසුරිනි.)

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු නාමාවලිය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු නාමාවලිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා වන අතර ආණ්‍ඩුවේත් ප්‍රධානියා වේ.ලංකා දේශපාලනයේ වැදගත්ම දේශපාලන චරිතය වන්නේ ජනාධිපතිවරයායි. ශ්‍රී ලංකාවේ තනතුර 1978 ඇති කළ අතර බලය මහත් ලෙස වර්ධනය වූ නිසාම බලය සීමා කිරීම් හා බලය ඉවත් කිරීම් සඳහාත් ප්‍රකාශ ඇති විය. වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂයි. ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව

ශ්‍රී ලංකා ජනාධිපති (1972 – 1978) විලියම් ගොපල්ලවගේ කොඩිය

ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.

1978 න් පසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ විශේෂ ඡන්ද ක්‍රමයකින් යුතු මහජන ඡන්දයකින් තෝරාපත්කර ගනී.

· විලියම් ගොපල්ලව (1972 මැයි 22 - පෙබරවාරි 4 දක්වා 1978) ( අගමැති නාමකරණයෙන් තෝරාපත් කරගන්නා ලදී.)

· ජූනියස් රිචඩ් ජයවර්ධන (1978 පෙබරවාරි 4 සිට 1989 ජනවාරි 2)

· රණසිංහ ප්‍රේමාදාස (1989 ජනවාරි 2 සිට 1993 මැයි 1)

· ඩිංගිරි බණ්ඩා විජේතුංග (1993 මැයි 2 සිට 1994 නොවැම්බර් 12)

· චන්ද්‍රිකා කුමාරතුංග (1994 නොවැම්බර් 12 සිට 2005 නොවැම්බර් 19)

· මහින්ද රාජපක්ෂ (2005 නොවැම්බර් 19 සිට අවශ්‍යතාක්)

71 කැරුල්ල

71 කැරුල්ල


1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදි.

මේ සමග ආණඩුව හදිසි නීතිය පනවන ලදි. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩන්ගුවට ගෙන යාපනයේ රදවන ලදි. මේ තත්ත්වය තුල ඒවන විට ඉදිරිපෙලේ නායකයකුව සිටි ලොකු අතුල හෙවත් වික්ටර් අයිවන් කැරුල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සන්ඝාරාමයේ දී පහරදීම සදහා සාකචිඡාවක් පවත්වන ලදි. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණ.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය.

පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරුල්ල අසාර්ථවීමට එය හේතුවිණි.පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරිමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙෂ හදුන්වන ලදි.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවමි පනවන ලදි. ඉන් අණතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදි.

1976-83 දක්වා කාලවකවානුව


1976 හදිසි නීතිය ඉවත් කිරිමත් සමග පක්ෂය නිත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරමිභ කරන ලදි. නියමුවා පුවත්පත ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරමිභ කරන ලදි.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වෙයි. තංගල්ල, බටහිර අනුරාධපුරය, විපතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුනින් ඉදිරිපත් වෙයි.1977 දී අපරාධ විනිස්චය කොමිසන් සභාව අහොසි වීමත් සමඟ රෝහණ ජේවීර නිදහස් වෙයි .78 පලමු සමුළුව පවත්වයි. 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කරයි. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වෙයි.1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර මහතා ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගනී.

1983 සිට 1994 දක්වා කාලසීමාව

1983 සුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබයි.

බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. ‍රෝහණ විජේවීර උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.දේශපාලන බලමණ්ඩලය තුල මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ මහතා පමණි.

1994 සිට 2005 ජනාධිපතිවරණය දක්වා


1994 පොදුජන එක්සත් පෙරමුණ බලය ලැබීමත් සමග සිරගතව සිටි බොහෝ පිරිසකට නිදහස ලැබේ. 1994 මැතිවරණයට ජවිපෙ ලෙස තරඟ වැදීමට තීරණය කරයි. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවෙයි. නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පත්වෙයි. ඉන් අනතු‍රුව ඉදිරිපත් වූ මැතිවරණ තුල 1997 පලාත් පාලන ආසන 101 ක් දිනාගන්නා අතර 1998 පලාත් සභා ආසන 25 ක් දිනයි.

2000 මහා මැතිවරණයෙන් ආසන 10 ක් දිනාගන්නා අතර 2001 දී එය 16 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වෙයි. උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වරෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇති‍වීම තුල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සන්විධානය සමඟ සුනාමි සහන මණ්ඩලය ගිවිසුව් අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොයසක් ඉටු කරයි.

2005 ජනාධිපතිවරණයෙන් පසු අද දක්වා

1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රෂ්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදි. එවකට පැවති ජනමතය අනූව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවදෙය යුධමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළේය. මේ අතරතුර ජවිපෙ අභ්‍යන්තර අර්බද පැන නැගුණි.

ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් පක්ෂය හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමයි. මේ තත්වය තුල පසුගිය වයඹ, මධ්‍යම හා සඹරගමු පලාත් සභා මැතිවරණ‍වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද අහිමිවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් විමල් වීරවංශ සාධකයේ හැරයාම පිළිබඳ ජවිපෙ ඉතා නිහඬ පිළිවතක් අනුගමනය කරන බවක් පෙනේ.

ජවිපෙ ඉතිහාසය හා ලාංකේය දේශපාලන භූමිකාව ආරම්භය

ජවිපෙ ඉතිහාසය හා ලාංකේය දේශපාලන භූමිකාව
ආරම්භය

ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය‍ දේශපාලන කේෂ්ත්‍රය තුල සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භකිරීමේ සාකච්ඡාව පවත්වන ලදි.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර මහතාය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගි විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාව් නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවිම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවිරගේ මැදිහත්වීමද මේ සදහා බලපාන ලදි. මේ කාල සීමාව තුල ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට ඛෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීනපිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරිමට උත්සාහ කරන ලදි.
Jvp 01 05 08 03 68219 445-1-.jpg

නමුත් එය අසාර්ථක වෙයි. 1967 කියුබානු විප්ලවවාදි චේගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවෙශ විය. 1969 දී අක්ත පත්‍රය විසින් "සමගි පෙරමුණට පහර දීම සදහා තරුණයින් බාගන්නා CIA කෙමනක්" ලෙෂ ජවිපෙ හදුන්වා දෙන ලදි.මේ තත්ත්වය තුල 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර මහතා අත්අඩන්ගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරණ ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කරයි. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දි CIA කාරයෝ නම් දෙශනය පවත්වන ලදී. 1970 අගෝස්තු 10 මංගල රුළිය කොළඹ හයිඩ් පිටියේදි පවත්වයි. මේ වන විට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි.
[සංස්කරණය] 71 කැරුල්ල
71revolution-1-.jpg

1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදි. මේ සමග ආණඩුව හදිසි නීතිය පනවන ලදි. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩන්ගුවට ගෙන යාපනයේ රදවන ලදි. මේ තත්ත්වය තුල ඒවන විට ඉදිරිපෙලේ නායකයකුව සිටි ලොකු අතුල හෙවත් වික්ටර් අයිවන් කැරුල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සන්ඝාරාමයේ දී පහරදීම සදහා සාකචිඡාවක් පවත්වන ලදි. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණ.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරුල්ල අසාර්ථවීමට එය හේතුවිණි.පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරිමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙෂ හදුන්වන ලදි.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවමි පනවන ලදි. ඉන් අණතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදි.
[සංස්කරණය] 1976-83 දක්වා කාලවකවානුව
82mayday-1-.jpg

1976 හදිසි නීතිය ඉවත් කිරිමත් සමග පක්ෂය නිත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරමිභ කරන ලදි. නියමුවා පුවත්පත ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරමිභ කරන ලදි.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වෙයි. තංගල්ල, බටහිර අනුරාධපුරය, විපතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුනින් ඉදිරිපත් වෙයි.1977 දී අපරාධ විනිස්චය කොමිසන් සභාව අහොසි වීමත් සමඟ රෝහණ ජේවීර නිදහස් වෙයි .78 පලමු සමුළුව පවත්වයි. 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කරයි. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වෙයි.1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර මහතා ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගනී.
[සංස්කරණය] 1983 සිට 1994 දක්වා කාලසීමාව

1983 සුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබයි. බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. ‍රෝහණ විජේවීර උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.දේශපාලන බලමණ්ඩලය තුල මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ මහතා පමණි.
[සංස්කරණය] 1994 සිට 2005 ජනාධිපතිවරණය දක්වා
Untitled-1-.jpg

1994 පොදුජන එක්සත් පෙරමුණ බලය ලැබීමත් සමග සිරගතව සිටි බොහෝ පිරිසකට නිදහස ලැබේ. 1994 මැතිවරණයට ජවිපෙ ලෙස තරඟ වැදීමට තීරණය කරයි. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවෙයි. නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පත්වෙයි. ඉන් අනතු‍රුව ඉදිරිපත් වූ මැතිවරණ තුල 1997 පලාත් පාලන ආසන 101 ක් දිනාගන්නා අතර 1998 පලාත් සභා ආසන 25 ක් දිනයි. 2000 මහා මැතිවරණයෙන් ආසන 10 ක් දිනාගන්නා අතර 2001 දී එය 16 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වෙයි. උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වරෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇති‍වීම තුල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සන්විධානය සමඟ සුනාමි සහන මණ්ඩලය ගිවිසුව් අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොයසක් ඉටු කරයි.
[සංස්කරණය] 2005 ජනාධිපතිවරණයෙන් පසු අද දක්වා

1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රෂ්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදි. එවකට පැවති ජනමතය අනූව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවදෙය යුධමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළේය. මේ අතරතුර ජවිපෙ අභ්‍යන්තර අර්බද පැන නැගුණි. ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් පක්ෂය හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමයි. මේ තත්වය තුල පසුගිය වයඹ, මධ්‍යම හා සඹරගමු පලාත් සභා මැතිවරණ‍වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද අහිමිවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් විමල් වීරවංශ සාධකයේ හැරයාම පිළිබඳ ජවිපෙ ඉතා නිහඬ පිළිවතක් අනුගමනය කරන බවක් පෙනේ.

Thursday, July 8, 2010

ඊළාම් යුද්ධය II



ඊළාම් යුද්ධය II

1980 දී සහ 1990 දී පැවති රාජ්‍යයන් දෙමළ ජනතාව සතුටු කිරීම සදහා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනීම සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැනි පනත් කීපයක් සම්මත කර ගන්නා ලදී.

‍එසේ වුවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් දිගටම සිදුවිය. ඉන්දිය සාම සාධක හමුදාව ඉවත් වු පසු එල් .ටී.ටී.ඊ. ය අනෙකුත් තරගකාරී ආයුධ සන්නද්ධ කණ්ඩායම් විනාශ කරමින් බලවත් විය. රජය ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමද මර්දනය කළේය. ප්‍රධාන විරුද්ධ පාර්ශවයන් දෙකම ඔවුනොවුන්ගේ බලය තර කර ගත් පසු දෙපාර්ශවයම සටන් විරාමය කඩ කළහ. රජය නැවත යාපනය අත්පත් කර ගැනීමට සටනක් දියත් කළේය.

මෙම යුද්ධ තත්වය දෙවැනි ඊළාම් යුද්ධය ලෙස හැදින්වින. එය කෲරත්වයෙන් ගහණ විය. නිදහස් කරන පොරොන්දුව මත එල්.ටී.ටී.ඊ.යට යටත් වු සිංහල හා මුස්ලිම් පොලිස් නිළධාරීන් 113 ක් එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කරන ලදී. රජය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය යාපනයට ගෙන යාම තහනම් කළහ. ගුවන් හමුදාව ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ඉලක්ක වලට අනුකම්පා විරහිතව බෝම්බ ප්‍රහාර එල්ල කළහ. මෙය ට එල්.ටී.ටී.ඊ.ය ප්‍රතික්‍රියා දැක්වුයේ සිංහල හා මුස්ලිම් ගම්මානවලට පහර දී සිවිල් වැසියන් 166 දෙනෙකු එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කිරිම යුද්ධයෙන් සිදුවු විශාලතම මනුෂ්‍ය ඝාතනය විය. රජය මුස්ලිම් ආරක්ෂකයින්ට පුහුණුවද , අවි ආයුධ ද ලබා දී දෙමළ ගම්මානවලින් පළිගත්හ. නැගෙනහිර පළාතේ සැලකිය යුතු සිවිල් දෙමළ ජනතාවක් ඝාතනය වු අතර ඒ පිළිබද වගකීම රජයේ හමුදාවනට එල්ල විය. අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් නීතිවේදියෙකු වු නීලන් තිරුචෙ ල්වම් කොළඹ අයි.සී. ඊ.එස්. හදී කළ කථාවකදි සතුරු කොන්ඩාන් හි ළමා ඝාතන , නැගෙනහිර සරසවිය , මයිලන්දනෙයි සහ සුරියකන්ද ශිෂ්‍ය සමුහ ඝාතනය හා මිනීවල පිළිබදව පරීක්ෂණ කටයුතු වලට හදිසි නීති රෙගුලාසි පැනවීමෙන් බාධා කළ බව පෙන්වා දුන්නේය. මෙය වරදකරුව න්ට බේරී සිටීමට රුකුලක් විය. උතුරේ හා නැගෙනහිර පළාතවල මහා මාර්ගයන්හි පිළිස්සෙමින් තිබෙන් මළ සිරුරු සුලභ දර්ශනයක් විය. රජයේ මිනීමරු හමුදා මුලු දිවයින පුරා සිංහල හෝ දෙමළ තරුණ යින් දඩයම් කළේ පැහැර ගත්තේ ඝාතනය කළේ ඔවුන් එල්.ටී.ටී.ඊ. යේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් යැයි සැක කරමිනි. 1990 ඔක්තෝබර් මාසයේ චී එල්.ටී.ටී.ඊ. ය විසින් යාපනයේ සිටි මුස්ලිම් ජනයා ඇදි වත පමණක් රැගෙන නිවෙස් වලින් පිටවීමට සිදුවිය.

විශාලතම යුද්ධයක් ඇතිවුයේ 1991 දී එල්.ටී.ටී.ඊ. හමුදා භටයින් 5000ක් විසින් යාපනය අර්ධද්වීපයට පිවිසුම් මාර්ගයක් වුද ශ්‍රී ලංකා හමුදාවන්ට අයිතිවුද අලිමංකඩ කදවුර මාසයක් තිස්සේ වටලා සිටි අවස්ථාවේදීය. මාසයක් පුරා පැවතුණු වටලෑමේදී දෙපාර්ශවයේම 2000කට අධික සංඛ්‍යාවක් මිය ගියේ රජයේ 10000ක ආධාර හමුදාව ඒමට පෙරාතුවය.

1992 පෙරබරවාරි මාසයේදී යාපනය අල්ලා ගැනීමට කරන ලද සටන් කීපයක්ම ව්‍යර්ථ විය. ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමග මේජර් ජෙනරාල් විජය විමලරත්න හා රියර් අද්මිරා ල් මොහාන් ජයමහ 1992 අගෝස්තු 8 වැනි දින යාපනය අරාලි තුඩුවේදි බිම් බෝම්බයක් පුපුරා මිය ගියහ. මෙම සිද්ධිය හමුදාවේ චිත්ත ධෛර්ය කෙරේ විශාල ලෙස බල පෑවේය. එල්. ටී.ටී.ඊ.ය ඔවුන්ගේ පාර්ශවයෙන් විශාල ජයග්‍රහණයක් අත් කර ගත්තේ ඔවුන්ගේ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි මාසයේදී ඝාතනය කිරීමෙනි.

ඊළාම් යුද්ධය III



ඊළාම් යුද්ධය III

තුන්වෙනි ඊළාම් යුද්ධය

1994 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වු අතර විශාල බලාපොරොත්තු මැද චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් වුයේ සාමය අපේක්ෂාවෙනි. එමෙන්ම විරුද්ධ පක්ෂ නායක ගාමිණි දිසානායක එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කිරීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයගත්තාය. 1995දී සටන් විරාමයකට එකග වුණද පසුව පැවැත්වු සාකච්ඡා ඵල රහිත විය. අප්‍රේල් 19 දින එල්.ටී.ටී.ඊ.ය සටන් විරාම ගිවිසුම කඩ කළේය. එයින් පසු තුන්වැනි ඊළාම් යුද්ධය නම්වු යුධමය වාතාවරණය ඇති විය.

නව රජය “සාමය සදහා යුද්ධය” නම් ප්‍රතිපත්තිය අනුගමනය කලේය. ඒ මගින් කැරලිකරුවන් 2000ක් විසින් අත්පත් කරගෙන සිටි යාපනයේ ප්‍රධාන බලකොටු ආපසු ලබාගැනීමේ පරමාර්ථයෙන් විශාල හමුදාවක් යාපනයට යවන ලදී. එක් විශේෂ සිද්ධියක් නම් 1995 අගෝස්තු මස නාවික හමුදාවේ ජෙට් යන්ත්‍ර “නාවලි” හි තිබුණු ශාන්ත පීටර් පල්ලියට බෝම්බ දැමීමයි. එයින් අඩු වශයෙන් අනාථයින් 65ක් මිය ගිය අතර 150 දෙනෙකු තුවාල ලදහ. රජයේ හමුදාවල පළමු කාර්යය වුයේ යාපනය අර්ධවීපය දිවයිනේ සෙසු ප්‍රදේශවලින් වෙන් කිරීමයි. සති 7ක දරුණු සටනකින් පසු අවුරුදු 10කින් මෙපිට ප්‍රථමවරට යාපනය රජයේ පාලනයට යටත් විය. 1995 දෙසැම්බර් 5 වන දින ශ්‍රී ලංකා ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ උත්සවයක්ද පවත්වා යාපනය කොටුව තුළ ජාතික ධජය එසවුයේය. මෙම සටනින් හමුදා භටයින් සහ කැරළි කරුවන් 2500කට ආසන්න ප්‍රමාණයක් මියගොස් 7000 ක් දෙනා තුවාල ලත් බව රජය ඇස්තමේන්තු කර ඇත. ‘නාවලි’ පල්ලියට බෝම්බ දැමීමෙන් 125කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර එවැනිම වු තවත් සිදුවීම්වලින් අප්‍රමාණ සිවිල් වැසියන් ප්‍රමාණයක් මිය ගියහ. යාපනයෙන් පිටවන ලෙසට එල්.ටී.ටී.ඊ.යෙන් කරන ලද බලපෑම් හේතුවෙන් 350,000ක් සිවිල් වැසියන් රට තුල වන්නි ප්‍රදේශයට පලා ගියහ. ඊළග අවුරුද්දේ එම ජනාවාසීන්ගෙන් වැඩි ප්‍රමාණයක් ආපසු පැමිණියහ.

1996 දී රජය නැවත වරක් තවත් යුද්ධයක් දියත් කළේය. බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තවත් 200000ක් සිවිල් ජනයා පලා ගියහ. කිලිනොච්චි නගරය (ගිරානික්කෙ) සැප්තැම්බර් මස 29 අත්පත් කර ගන්නා ලදී. 1997 මැයි 13 දින ආණ්ඩුවේ හමුදාවේ 20000ක් එල්.ටී.ටී.ඊ.ය පාලනය කළ වන්නි ප්‍රදේශය හරහා සැපයුම් මාර්ගයක් විවාත කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. දෙපාර්ශවයම සිවිල් වැසියන් ඝාතනය කළහ. තුවාල කළහ.

උතුරේ දරුණු ක්‍රියා මෙසේසිදුවෙද්දී දකුණේ ජනාකීර්ණ නගරවලද , මහජන ප්‍රවාහන සේවාවන් තුළද වන්නි එල්.ටී.ටී.ඊ. ය විසින් බෝම්බ පුපුපරුවා හරින ලදී. මෙයින් සිවිල් ජනතාව සිය ගණනක් මිය ගියහ. 1996 ජනවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ අති දරුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගෙන කොළඹ මහ බැංකුවට ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් 90 දෙනෙකු මිය ගොස් 1400ක් තුවාල ලදහ. 1997 ඔක්තෝබරයේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ අතර 1998 ජනවාරියේදී ට්‍රක් රථයක ඇටවු බෝම්බයක් පුපුරවා හැර ලෝකයේ අති පුජනීය බෞද්ධ සිද්ධ ස්ථානයන්ගෙන් එකක් වුද බුදුන්ගේ දන්ත ධාතුව තැන්පත් කර තිබෙන්නා වුද දළදා මාළිගායට හානි සිදු කළහ. මෙම බොම්බ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කළ අතර ලෝකයේ සෙසු රටවලින්ද එසේ කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියේය. මෙය එල්.ටී.ටී.ඊ.යට අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස බලපෑවේය.

1999 දී රජය ‘රණගොස’ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් දකුණු දෙසින් වන්නියට ඇතුලු වීමට උත්සාහ කළේය. හමුදාව ජයග්‍රහන කීපයක් අත්පත් කර ගත්තේය. ඔඩ්ඩුසුඩාන් (ඔත්තන් තුඩුව) සහ මඩු යන ස්ථානයන්හි බලය අල්ලා ගත් නමුත් එල්.ටී.ටී.ඊ.ය එම පෙදෙසින් ඉවත් කිරීමට අපොහොසත් විය. 1990 දී ගෝනගලදී එල්.ටී.ටී.ඊ. ය විසින් සිංහල වැසියන් 50ක් ඝාතනය කරන ලදී.

1999 නොවැම්බර් 2වැනි දින එල්.ටී.ටි.ඊ.යට නැවත වරක් ‘නොනවතින රැල්ල’ නම් වු මෙහෙයුමකට මුහුණ දීමට සිදුවිය. වන්නි ප්‍රදේශය මුලුමනින්ම ඉතා වේගයෙන් එල්.ටී.ටී.ඊ.ය අතට පත්විය. එල.ටී.ටී.ඊ ය ප්‍රදේශය තුල සාර්ථක පහර දීම් 17ක් සිදු කළ අතර එය පරන්තන් (පුරාණතැන්න) හමුදා කදවුර සහ කුරක්කන්කුඩුකුලම් (කුරක්කන් කැලේ වැව) කදවුරේද බලය අල්ලා ගැනිමෙන් අවසාන විය. මෙම සටන් වලින් දහස් ගණන් ජනතාව මිය ගියහ. කැරළි කරුවෝ අලිමංකඩ සහ යාපනය දක්වා උතුරු දෙසට ගමන් ගත්හ. කිලිනොච්චි සහ අවටප්‍රදේශවිලන් ශ්‍රි ලංකා හමුදාවට ගොඩබිමින් හා මුහුදින් තිබුණු සැපයුම් මාර්ග අහුරා දැමීමට එල්.ටී.ටි.ඊ.ය සමත් විය. 1999 දෙසැම්බරයේදී පැවැත්වු මැතිවරණ පුර්ව ප්‍රචාරක රැලියකදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු යොදවා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.ය උත්සාහ කලේය. ඇයට එක් ඇසක් අහිමි විය. එහෙත් ජනාධිපතිවරණයෙන් විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට ඇය සමත් වු අතර ජනාධිපති වශයෙන් දෙවැනි ධුර කාලයකට ඇය තෝරා ගනු ලැබුවාය.

යාපනය අර්ධද්වීපය සහ වන්නි ප්‍රදේශය අවුරුදු 17ක් තිස්සෙන් වෙන් කෙරෙමින් පැවතුනු අලිමංකඩ හමුදා කදවුර 2000 අප්‍රේල් 22 දින සම්පුර්ණයෙන් එල්.ටී.ටී.ඊය අතට පත් විය. හමුදාව යාපනය අර්ධවීපයේ දකුණු පෙදෙස අල්ලා ගැනිමට “අග්නි කීල” මෙහෙයුම දියත් කළ නමුත් පරාජය විය. එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ යාපනය දක්වා ඉදිරි ගමන නොකඩවා ගෙන ගිය අතර යාපනය ඔවුන් අතට පත්වේයයි බොහෝ දෙනා බිය වුහ. ‍එහෙත් හමුදාවට එල්.ටී.ටී.ඊ. ආක්‍රමණය සාර්ථකව මැඩ පැවැත්වීමටත් යාපනය නගරයේ බලය අත්පත් කර ගැනීමටත් හැකිවිය

නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය

නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය

යටත් විජිත යුගයේ ලේඛනවලින්ද දේශීය ලියවිලිවලින් සහ දේශීය පුරාවෘත්තයන් මගින්ද නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු හෙලිදරව් වේ. ශ්‍රි ලාංකික දෙමළ ප්‍රජාව ඔවුන්ගේ ව්‍යවහාර කරන භාෂාව සහ වෙනත් සිරිත් විරිත් අනුව උතුරු, නැගෙනහිර හා බටහිර වශයෙන් උපකාණ්ඩවලට බෙදී ඇත. නැගෙනහිර දෙමළ ජනතාව නමින් හැඳින්වෙන කොටස් ත්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල පදිංචිව සිටිති.

මුල් ජනාවාස

තමිල්නාඩුවේ සහ ශ්‍රි ලංකාවේ ජනතාව ඵකම සංස්කෘතියක කොටස්කාරයන් වූ බව බටහිර වෙරළේ පොම්පරිප්පුහිදී සහ නැගෙනහිර වෙරළේ කදිරවේලිහිදී කරන ලද මහා ශිලා යුගයට අයිති සුසාන භූමි කැනීමේදි ලැබෙන තොරතුරුවලින් හෙලිවේ. මේවා ක්‍රි.පූ දෙවැනි ශත වර්ෂයේ සිට ක්‍රි.ව දෙවැනි ශත වර්ෂය දක්වා කාලයට අයත් වේ.

දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේ පදිංචි වූයේ කුමන කාලයේදීදැයි නිවැරදි තොරතුරක් නොලැබෙන නමුදු දිගින් දිගටම සිදුවූ දකුණූ ඉන්දීය ආක්‍රමණවලින් පසු (පළමු ශත වර්ෂයේ සිට 13 වෙනි ශත වර්ෂය දක්වා) ඵය සිදුවන්නට ඇත. ඵමෙන්ම දෙමළ බස කථා කරන ජනයා උතුරු සහ නැගෙනහිර මුහුදුබඩ පෙදෙස්වල පදිංචි වන්නට ඇත. 13 වෙනි ශත වර්ෂයවන විට දෙමළ රජෙකුගේ පාලනයක් ද සහිතව දෙමළ හින්දු සමාජයක් යාපනය අර්ධද්විපය තුළ ඇති වූයේ ඵ් වන විට වියළි කලාපයේ තිබූ සිංහල රාජධානිය පිරිහීමට ලක් වූ හෙයිනි. ඵකොළොස්වෙනි සහ දොලොස්වෙනි ශත වර්ෂය වන විට නැගෙනහිර පළාතේ ඉහළ පෙදෙසෙහි දෙමළ ජනාවාස ආරම්භ වුණි.

ශ්‍රි ලාංකික දෙමළ වැසියන්ගේ ජනවාර්ගික බෙදීම නැගෙනහිර ත්‍රීකුණාමලය 34.3% ක්ද මඩකලපුවේ 70.8% ක්ද අනුරාධපුරයේ 18.4% ක්ද විය.

නැගෙනහිර දෙමළ ජනතාව ඌර්පොඩියාර් ආශ්‍රිතව ඵය මූලස්ථානය කොට වැඩසටහන් සංවිධානයන් ගම්මට්ටමින් පවත්වාගෙන ගිය අතර කුඩි නම් ක්‍රමය මගින් අන්තර් ක්‍රියාවන් පාලනය විය. උඩරට රාජධානියේ පාලනය යටතේ නාමික වශයෙන් පත්කරනු ලැබූ වන්නිමෛ නම් ප්‍රධානීන් මගින් දේශපාලනික වශයෙන් සංවිධානය වූහ. වඩා වැදගත් සමාජ කොටසක් වූයේ මුක්කුවර්වරුය. ඔවුන්ගේ සම්භවය දකුණු ඉන්දියාවෙහිය. යනුවෙන් කෝකිල සංදේශය රචනා කරන ලද සමයේදී මොවුන් ගැන සඳහන් කිරීමේදී "මුක්කුර හටන" යනුවෙන් සඳහන් කර ඇති අතර ඵ් කාලයේදී වරින්වර ලංකාව ආක්‍රමණය කර ඇත. පරම්පරාගත කථා වලින් ඵකක නැගෙනහිර ශ්‍රි ලංකාවට පැමිණීම සහ පදිංචි වීම මට්ටකලප්පු මානියම් වශයෙන් සඳහන් කර ඇත.

ජනවාර්ගික කණ්ඩායම

ජනවාර්ගික කණ්ඩායම


වංශය හෝ පරම්පාරව මුලික කොට ගෙන එකිනෙකාගේ අනන්‍යතාවයනක් හදුනාගැනීමට සමත් මිනිසුන් කොටසකින් සමන්විත වු කණ්ඩායමක් ජනවාර්ගික කණ්ඩායමක් ලෙස හදුන්වයි. ජනවාර්ගික අනන්‍යතාවය මත කණ්ඩායමේ විශිෂ්ඨත්වය රදා පවිතන අතරථ පොදු සංස්කෘතිය, භාෂාව ආගම හා ජෛව ගති ලක්ෂණ මගින්ද එය සලකුණු කරයි.

1992 හිදි පැවැති ජනවාර්ගික ‍ලෝකය මිනිමේ අභීයෝග නම් වු අන්තර්ජාතික සම්මේලනය අනුව "ජනවාර්ගිකත්වය යනු මිනිස් ජිවිතකයේ මුලික සාධකයකි. එය මිනිසුන්ට ආවේණික ආශ්චර්යාත්මක අත්දැකිමකි. මානව වේදි Fredrink Barth සහ Eric Wolf " පවසන පරිදි ජනවාර්ලිකත්වය යනු කණ්ඩායමේ ලක්ෂණ වලට වඩා අන්තකර් ක්‍රියාවන්ය. එවැනි අනන්‍යතාවයන් පහළ කිරිමේ ක්‍රියාපිලිවෙල Ethonogenesis" ලෙස හදුන්වයි. මෙවැනි ජනවාර්ගික කණ්ඩායක්ම් වල සමාජිකයන් සංස්කෘතික සම්බන්ධතාවයන් ඇති කර ගන්නා අතර, ඉතිහාසඥයන් සහ සංස්කෘතික මනාවවේදින් පවසන පරිදි අතිතයේ එවැනි සම්බන්ධතාවන් ඇති කරගත්තාවු වටිනාකම, චාරිත්‍රයන් සහ න්‍යායන් පසු කාලකදි සොයා ගන්නා ලදී.

ජනවාර්ගිකඅර්ථ දැක්වීම

ජනවාර්ගිකඅර්ථ දැක්වීම

ජනවාර්ගිකත්වය පිළිබදව අර්ථකථනය ඉතා සංකිර්ණ සහ අපැහැදිලි බවත්, එය ඉතා අසිරැ කර්යයක් බවත් සමාජ විද්‍යාඥ Max Weber මහතා වරක් පවසන ලදී.


කෙසේ වෙත්ත බොහෝ සමාජ විද්‍යාඥයින් අනුමත කරන ලද අර්ථ කථනයක් Weber මහතා ඉදිරිපත් කරන ලදි.

ශරිරික මෙන්ම චාරිත්‍ර වල සමානාත්මකතාවයන් නිසාද, සංක්‍රමණයේ සහ ජනපදකරණයේ මතකයන් නිසාද, තමන්ගේ පොදු පෙළපත ගැන ආත්මගත විශ්වාසයක් ඇති මිනිසුන්ගේ වාර්ගිකරණයට මෙම විශ්වාසය මහත් රැකුලක් වු අතර ඒ සදහා ලේ නෑකමක් තිබිම අවශ්‍ය නොවී.

Weber මහාත‍ා‍ෙග්න් පසුව සමාජ විද්‍යාඥයන්ගේ ජනවාරිගික පිළිබද හැදින්විමක් බොහෝ විට සාවද්‍ය ඒවා බව මානව විද්‍යාඥ Ronald Choen මහතා ‍මානව වගී පිළිබදව මානව විද්‍යා හා සමාජ අධ්‍යනයකදි පෙන්වා දෙන ලදී.

"අප අනුමත කරන මානව වර්ග වන අනන්‍යතාවයන්, ඉතා අඥානය, එමෙන්ම ඉතා සාවද්‍ය"

යටත් විජිතාදින් ජනවර්ගවල අනන්‍යතාවය (පෙර තම ග්‍රෝතික වල අනන්‍යතාවය) පිළිබද බොහෝ විට ප්‍රශ්න නගරන බව Choen මහතා පෙන්වා දෙන ලදී. Horld Isaacs විසින් ජනවාර්ගිකත්වයේ අනෙක් ලක්ෂණය හදුනාගෙනඅඇති අතර, ඒ අතරින් ඔඍවුනගේ ශාරිරික පෙනුම, නම, භාධාව, ඉතිහාසය සහඉ ආගම විශේෂයක් ගනී, මෙම අර්ථකථනය සමහර ශබ්දකෝෂ වලත් අන්තර්ගත වේ.එකිනෙකට වෙනස් මානව වයිවල ලාක්ෂණික මෙලෙස ඉතා වැදගත් වුනේ කෙසේද කෙදිනද, එයට හේතුව කුමක්දැයි සමාජ විද්‍යාඥ විමර්ශනය කරන ලදි. ජනාවර්ගික සීමා ඉතා අස්ථිර බව මානව විද්‍යාඥ John Viocent පෙන්වා දෙන ලදසි. ජනවාර්ගිකරණය ද්විධාරකණයට සමාන කළ Ronald Choen තවද එය දේශපාලනික අවශ්‍යතාවයන්ගේ සිමා වලින් වට කාල හැකි වුවද පෙන්වා දෙන ලදි. මේ හේතු නිසා ජනවාර්ගිකරණවට පෙළපත දැඩිලෙස බල නොපායි. පොදුදේශපාලනික තත්ත්වය ටතේ ජනවාර්ගික සිමා වෙස්කිරිම ජනවාර්ගිකණය

ජනවර්ග ඉතිහාසය

ජනවර්ග ඉතිහාසය


ජනවර්ග ඉතිහාසය යනු, ඉතිහාසගත වාර්තා මගින් යම් ජන වර්ගයක ගෝත්‍රයක් සංස්කෘතිය හෝ සිරිත් විරිත් පිළිබඳව හැදෑරීමය. මෙමගින් දැනට පවතින හෝ නොපවතින ජන වර්ගවල ඉතිහාසය පිළිබඳවද සොයා බැලේ.

ජනවර්ග ඉතිහාසය හැදෑරීමේදී පොත්පත් හා ලේඛණ වලට අමතරව සිතියම්, සංගීතය, චිත්‍ර, ඡායාරූප, කථන්දර, භාෂා විලාශය, ස්වභාව සෞන්දර්ය, ස්ථානාත්මක සොයාබැලීම්, පුරාවිද්‍යාත්මක සමීක්ෂණ, කෞතුකාගාර වස්තූන්, සිරිත් විරිත්, භාෂාව හා ස්ථාන නාම ආදිය පිළිබඳවද සොයා බැලේ.

විමර්ශනය

ජනවර්ග ඉතිහාසඥයන් ලේඛනවලින් ඔබ්බට ගිය විමර්ශනයක යෙදීම තුළින් ඔවුන්ට ඉතා ගැඹුරු අධ්‍යයන වල යෙදීමේ අවස්ථාව ලැබේ. මොවුහු ජන වර්ගවල ඇතුළාන්තයට ගැඹුරින් විමසා බලන හෙයින් ඒවායේ ඉතිහාසය සහ විවිධ චාරිත්‍ර විධික්‍රම අතර අන්තර් සබඳතා, ඉතිහාසයේ අපැහැදිළි තැන් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත හැක. විශේෂයෙන්ම ඉන්දියානු ජනවර්ග පිළිබඳව හැදෑරීමේදී මෙම ක්‍රමය ඉතා ප්‍රයෝජනවත් ය.

ජනවර්ග ඉතිහාසයේ අර්ථදැක්වීම කෙමෙන් දියුණු වූවකි. ර්‍ණසාමාන්‍ය ඉතිහාසය හැදෑරීමට වඩා ජනවර්ග ඉතිහාසය හැදෑරීමේදී භාවිතා වන පර්යේෂණ ක්‍රම හා මූලාශ්‍ර නිසා එය වඩාත් ප්‍රතිඵලදායකය (විලියම් ෆෙන්ටන්)” පසුකාලීනව ඇක්ස්ටෙල් විසින් හඳුන්වා දුන් පරිදි ජනවර්ග ඉතිහාසය යනු ජනවාර්ගික හා ඉතිහාස මූලාශ්‍ර ඇසුරින් යම් සංස්කෘතියක හෝ සමාජයක සිදුවූ වෙනස්කම් අධ්‍යයනය කිරීමයි.

ෂෙෆලීන් හඳුන්වාදුන් පරිදි, ජනවර්ග ඉතිහාසය විසින් මිනිසුන් විසින් සමාජයීය සිද්ධීන් ග්‍රහණය කරගන්නා ආකාරය සහ ඒවා සංස්කෘතියට ඈදෙන ආකාරය පිරික්සා බැලිය යුතුය. අවසානයේදී සිමන්ස් විසින් පළ කළ මතය වන්නේ ජනවර්ග ඉතිහාසය යනු හැකිතාක් මූලාශ්‍ර උපයෝගී කරගනිමින්, හැකිතාක් දිගු කාල පරාසයක් තුළදී යම්කිසි සංස්කෘතියක් පිළිබඳ කෙරෙන ගවේෂණාත්මක පර්යේෂණයකි යන්නයි. එය වඩාත් අලංකාර වන්නේ දැනට ජීවත් වන අයගේ මතකයන් සහ වචන ද එකතු වූ විටයි.

ජනවාර්ගික අර්බුදය

ජනවාර්ගික අර්බුදය

ජනවාර්ගික අර්බුදය හෝ ජනවාර්ගික යුද්ධය වශයෙන් හඳුන්වනු ලබන්නේ ජනවාර්ගික ජාති මමවත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් ජනවාර්ගික කණ්ඩායම් අතර ඇතිවන යුද්ධයයි. මෙය සම්බන්ධව උනන්දුව ඇති වීමට හේතු වූයේ සීතල යුද්ධයේ සිට මෙහි ඇති දෘශ්‍ය නැතිනම් හොඳින් පෙනෙන ව්‍යාප්තියත්, මිනිස් සංහාර (Genocide) වැනි බහුලව සිදුවන යුධ අපරාධවල ප්‍රථිඵලයක් වශයෙනි. ජනවාර්ගික අර්බුදය පිළිබඳ අධ්‍යයන පැහැදිලි කිරීම දැමෙන්නේ School of thought වලින් එකකටය : මූලිකයා (Primodialist) , වාදකයා (Instrumentalist) හෝ නිර්මාණය කරන්නා, ගොඩ නගන්නා (Constructivist). බුද්ධිමය විවාද ද කේන්ද්‍රීය කරගෙන ඇත්තේ, ජනවාර්ගික අර්බුදයේ ව්‍යාප්තිය වඩාත්ම සිදුවූයේ, සීතල යුද්ධයේ අවසාන භා‍ගයේ සිටද නැතිනම් (Consociational), ෆෙඩරල්කරණය (Federalisation) වැනි උපාංග තුළින් ගැටුම් කළමනාකරණ සැලසුම්කරණ මාර්ග වටාද යන කරුණු මතද යන්න ආදී වශයෙනි.

ජනවාර්ගික අරගලයේ නියාමනය

ජනවාර්ගික අරගලයේ නියාමනය


ජනවාර්ගික අරලගයේ පරිණාමයට කළමණාකරනයට සහ එහි ආරම්භයට හේතූන් සහ ක්‍රියාමාර්ග බො‍හෝ උගතුන් විසින් විශ්ලේෂණය කරයි. උදාරණයක් ලෙස Jhon Coakelev මහතා ඇමරිකාවේ පිළිගත් ජනවාර්ගික අරගලයෙහි ආරම්භයට හේතුවු කරැණු කිහිපයක් පෙන්වා දී ඇත. ඒවා නම් ස්වදේශීයත්ය, වාසය කිරීමට ඇති ඉඩකඩ,සමග්‍රහණය, ආසංස්කෘතියකරණය, ජනතාව හුවමාරැව කිරිම්, සීමා මායිම් වෙනස් කිරීම්, ජනාඝාතන සහ ජනවාර්ගික ස්වයං ‍ඝාතවය වේ.

ජනපාර්ගි අරගලයට මුලික වු හේතූන් 8 කි. Jhon Macgarry වගිකරණයක් සහ Brendan O' Leary විසින් සිදුකර ඇති අතර ඒවා අතර සචාචාරාත්මක විරෝධී ක්‍රම කිහිපයක් ද ඇත.

·ජාතින් අතර වෙනස්කම් ඉවත් කිරිමට ක්‍රම

* ජනඝාතනය

* බලහත්කාරයෙන් ජනතාව මාරැ කිරීම්

* කොටස් කිරීම සහ අප ක්‍රමණය

* ඒකිකරණය සහ සහාග්‍රහණය

* ජාතින් අතර වෙනස්කම් කළමණාකරණයට ක්‍රම

* රාජ්‍යය පාලනය

* තීර්කකිතරණය (3 වන වගන්තියේ සොයා ගැනීම්ක්)

* ෆෙඩරලිකරණය (Federalisation)

* බලය බෙදා හැරීම

Saturday, July 3, 2010

පළාත් සභා



පළාත් සභා



හැදින්වීම

1987 ජුලි මස 29 වන දින ජේ.ආර්.ජයවර්ධන මහතා හා රැජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා පිහිටුවීමෙහිලා මූලික විය. මේ නිසා ලංකාවේ පළාත් සභා ඉන්දියානු මොඩලයට නිර්මාණය කරන ලද්දක් බව විචාරකයන්ගේ මතයයි. මේ අනුව ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හදුන්වාදුන් අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 154(අ) සිට 154(ඩ) දක්වා අලුතින් පරිච්ඡේදයක් ඇතුළත් විය. එපමණක් නොව 1987 අංක 42 දරණ පළාත් සභා පනත ද හදුන්වා දෙන ලදි.

අරමුණු


ස්වාධීන රජයක් විසින් රටේ සමස්ත ජනතාවගේම අපේක්‍ෂාවන් සඵල කරනවා යයි කිව නොහැක. එහිදී සුලු පිරිසක් අත බලය ඒකරාශී වන අතර විශාල පිරිසක් ඔවුන් යටතේ යැපීමට සලස්වයි. මේ තුළින් ඇතිවන්නේ සමාජ අසහනය මිස සුබසාධනය නොවේ. පළාත් සභා පිහිටුවීමෙහිලා මෙකි කාරණාවද ඉවහල් වී ඇති බව නොකිවමනාය. පළාත් සභා ක්‍රමය තුළින් තරුණ නායකත්වයක් ඇති කොට පාලන බලතල ජනතාවට සමීප කිරීම අපේක්‍ෂාව විය. මෙම තත්වය ක්‍ෂණයකින් උදාවූවක් නොවේ. එහිදී චෙල්වනායගම් මහතා ෆෙඩරල් පක්‍ෂය පිහිටුවා ගෙන බලය උපරිම ලෙස විමධ්‍යගත කරන ලෙස ඉල්ලා සිටිම, 1971 ඇතිවූ සිංහල බෞද්ධ තරුණයන්ගේ කැරැල්ල, 1957 ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් ආදිය නිදර්ශන වේ.


මේ අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා 9ක් ඇති කරන ලද අතර උතුරු හා නැගෙනහිර එක් පළාත් සභාවක් ලෙසත් අනෙක් පළාත් එක් එක් පළාත් සභා ලෙසත් පිහිටුවා තිබුණි. (වර්තමානයේ උතුරු හා නැගෙනහිර පළාත් සභා වෙන් වෙන්ව පාලන කටයුතු සිදු කරයි.) එක් එක් පළාත් සභාව සඳහා ආණ්ඩුකාරවරයෙක්, මැති ඇමතිවරු, කැබිනට් මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක්, රාජ්‍ය සේවා කොමිසමක්, පොලිස් කොමිසමක්, මහාධිකරණයක්, යනාදිය ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන යොදා තිබේ. එසේම පළාත් සභා විසින් ක්‍රියාත්මක කළ යුතු ආයිතමයන්ද දක්වා තිබේ. පළාත් සභා ලැයිස්තුව හා සමගාමි ලැයිස්තුව ඒ අතර වේ.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පාලන බලතල ප්‍රභූ පන්තියට පමණක් සීමා වී තිබුණි. එකි ක්‍රමය වෙනස් කරමින් තරුණ නායකයන්ට අවස්තාව ලබාදිමට පළාත් සභා පිහිටුවිම මගින් අපේක්‍ෂා කළේය. මේ අනුව පළාත් සභා 09 සඳහා මන්ත්‍රීවරුන් 455ක් සමානුපාතික ක්‍රමය යටතේ තෝරාපත් කර ගනු ලබන අතර ඒ හරහා පාලන බලතල ජනතාවට සමිප කෙරේ.
පාලන බලතල පළාතේ මනිත්‍රීවරුන්ට ලබා දීම තුළ තම පළාත සංවර්ධනය කළ යුතු යයි ඔවුන් අතර හැගීමක් ඇතිවේ. එහිදි ඔවුන් ඔවුන්ගේ මානව සම්පත් හා භෞතික සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් පළාතේ සංවර්ධනය යථාර්තයක් බවට පත් කිරීමට කටයුතු කරයි. එසේම දූෂණය, වංචාව, ප්‍රමාදය අවම වී කංඩිනම් සංවර්ධනයක් පළාත තුළ ඇති වේ. එමගින් රටේ සංවර්ධනය කඩිනම් වේ. එපමණක් නොව ඉතා සීමිත වූ ජන කොටසක් තමන්ගේ අවශ්‍යතා තමන් අතරින්ම ඉටු කර ගැනීම තුළ විශාල ජන කණ්ඩායමක් වශයෙන් ඇතිවන නොගැලපීම් දුරස්ව යයි. එය ජන වාර්ගික ගැටුමට සාධනීය පියවරක් වේ.

පළාත්

1.මධ්‍යම පලාත2.බස්නාහිර පලාත3.නැගෙනහිර පලාත4.උතුරු පලාත5.දකුණු පලාත6.වයඹ පලාත7.ඌව පලාත8.උතුරු මැද පලාත9.සබරගමු පලාත

වර්තමාන තත්වය

මෙවන් සඵලතාවයන්ගෙන් යුත් පළාත් සභා ක්‍රමය හදුන්වාදී අද වන විට වසර 20කට අධික කාලයක් ගතවී තිබෙන නමුත් ඉහත දැක්වූ ආපේක්‍ෂාවන් සාක්‍ෂාත් වි ඇතැයි කිව නොහැක. එය අසාර්ථක වූයේ මන්දැයි සොයා බැලීමක් මෙම අධ්‍යනයෙන් සිදු කරමි.
පළාත් සභාවේ මූලිකාංග දෙසට අවදානය යොමු කිරීමේදි සමානුපාතික නියෝජනය යටතේ මැතිවරණයකින් තෝරා පත්කර ගනු ලබන පාර්ලිමේන්තුවක් පළාත් සභා සතු වේ. ඔවුන් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී වැඩ බාර ගත යුතු අතර ආණ්ඩුකාරවරයා විසින් පළතේ විධායකය රජයයි. 154(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාව පත් කරනු ලබයි. පළාත් සභා සතුව මහ ඇමතිවරයෙක් වන අතර ඔහු පත්කිරීම ආණ්ඩුකාරවරයා විසින් සිදු කරනු ලබයි. පළාත් සභා කැබිනට් මණ්ඩලය පත් කිරීම මහා ඇමතිවරයාගේ උපදෙස් මත ආණ්ඩුකාරවරයා විසින් සිදු කරනු ලබන අතර එය ප්‍රධාන අමාත්‍යවරයාද ඇතුළුව සාමාජිකයන් 04කට නොවැඩි විය යුතුයි. එසේම මහජන ආරක්‍ෂාවට පොලිස් කොමිසමක් වන අතර යුක්තිය පසිදලීම සඳහා පළාත්බඳ මහාධිකරණයක් ද වන්නේය.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 09 වන උප ලේඛණය යටතේ පළාත් සභා, සංවෘත හා සමගාමි වශයෙන් ලැයිස්තු 03ක් යටතේ බලතල බෙදා හැරීමක් කර තිබේ. මේ අනුව පළාත්සභා ලැයිස්තුවේ කාරණා සම්බන්දයෙන් ස්වාධීන බලයක් පළාත්සභා සතු වන අතර සමගාමී ලැයිස්තුවේ කාරණා සම්බන්දයෙන් අභිමතයක්ද වේ.
මේ ආකාරයට ප්‍රතිපාදන තිබුණද පළාත් සභා අසාර්ථක යයි චෝදනා එල්ල වේ. එසේ වීමට හේතු වී ඇත්තේ ඉන් අපේක්‍ෂා කළ අරමුණු ඉටු නොවීමයි. විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් නොලැබීම ඒ අතර ප්‍රධාන වේ. පළාත් සභා හදුන්වා දීමේ මූලික අරමුණ වූයේ උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් ලබා දීමයි. නමුත් එතී පළාත් සභාව(උතුරු-නැගෙනහිර) වසරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ බිඳ වැටුණි.
මේ ආකාරයට පළාත්සභා අසාර්ථක වීමේ ප්‍රබල හේතුකාරකය වූයේ නිසි බලතල පළාත්සභාවන්ට ලබා නොදීමයි. එම නිසා තරුණ නායකයන්ට රිසිසේ ක්‍රියා කරන්නට අවස්තාවක් නොලැබුණි. ඔවුන්ට තවදුරටත් මධ්‍යම ආණ්ඩුවේ බලයට නතුව දාසයන් සේ කටයුතු කිරීමට සිදු විය. මේ නිසා සමහර නායකයන් අරගල කරන්නටද විය. නිදසුනක් ලෙස 1988දී උතුරු-නැගෙනහිර මහ ඇමතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් ඉඩම් බලතල ලබා ගැනීමට උත්සහ දැරූ අතර 1993දී චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පළාතේ පොලිස් බලතල ලබා ගැනීමට වෙහෙසුණි. මේ අනුව බලතල බෙදීමේ දෝෂය නිසා ජනතාව තුළ කළකිරීමක් ඇති විය. නැගෙනහිර පළාත් සභා ඡන්දයෙන් පසු ඉඩම්, පොලිස් හා අධිකරණ බලතල ලබා දෙන බව පැවසුවද ඒවා ලබා දෙන තුරු විශ්වාසය තැබීමේ නොහැකියාවක් ජනතාව තුළ ඇති වී තිබෙන්නේ නිරායාසයෙනි.
පළාත් සභා අසාර්ථක වීමේ හේතු අතර පළාත් සභා ස්වාධීන නොවීම එහිලා ප්‍රධාන වේ. ඒකීය රාජ්‍ය සංකල්පය තුළ බලය බෙදා හැරීමේදී පාර්ලිමේන්තුව උත්තරීතර වීම සාධාරණය. නමුත් උත්තරීතරභාවය ප්‍රයෝජනයට ගනිමින් පළාත් සභා අනිසි ආකාරයෙන් මර්දනය කරන්නේ නම් පළාත් සභා පිහිටුවීමේ අරමුණ ඉටුවන්නේද?
පළාත් සභාවේ විධායකය රජයන්නා වූ ආණ්ඩුකාරවරයා පක්‍ෂග්‍රාහී වීම පළාත් සභා අසාර්ථකවීමෙහිලා ප්‍රබල ලෙස බලපා තිබේ. ආණ්ඩුකාරවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. මෙහිදී ජනාධිපතිවරයා ස්වාධීන අයෙකු පත් කරනු ලැබුවත් එකී පත් කරන්නා තමාට පක්‍ෂග්‍රාහී කෙනෙකු බව කවුරුත් දන්නා රහසකි. ඒ අනුව පත් කරනු ලබන ආණ්ඩුකාරවරයා නිතැතින්ම ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයාගේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට මිස පළාත සංවර්ධනය කිරීමට හෝ පළාතේ ජනතාවගේ අරමුණු ඉටු කිරීමට යැයි අපේක්‍ෂා කළ නොහැක.
154(ඊ) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට යටත්ව පළාත් සභාවේ බහුතර මන්ත්‍රීන්ගේ සහය ලබා ගැනීමට හැකි යයි ආණ්ඩුකාරවරයා අපේක්‍ෂා කරන මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කිරීම සිදු කරයි. යම්, යම් අවස්තාවල ආණ්ඩුකාරවරයා ඔහුගේ අභිමතය (discretion) අනිසි ආකාරයෙන් භාවිතා කිරීමක්ද දක්නට ලැබේ. තමන් රුචි නියෝජිතයන්ව පළාත් සභාවන්ට තෝරා පත් කිරීම ජනතාව සිදු කරයි. එහිදී යම් පක්‍ෂයක් බහුතරය දිනා ගනීද එකී පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් බහුතර ජනතාවක් අපේක්‍ෂා කරයි. නමුත් ආණ්ඩුකාරවරයා මැදිහත් වී එය මර්දනය කරන්නේ නම් ජනතාව උදාසීන වන්නේ නිරායාසයෙනි.
ආණ්ඩුකාරවරයාට දී ඇති බලතල යටතේ පළාත් සභා විසිරුවා හැරීමද වේ. යම් ආකාරයකට ජනාධිපතිවරයාගේ උපදෙස් මත යම් පළාත් සභාවක් විසුරුවා හැරීමට කටයුතු කරයි නම් ජනතාවගේ ඉච්ඡා භංගත්වයක් ඇතිවන අතර පළාත් සභාවන්හි නාස්තියද වැඩි වේ.
154(උ) ව්‍යවස්ථාව යටතේ පළාත් සභාවන්ට ප්‍රඥප්ති සෑදීමට බලය ලබාදී තිබුණත් එය කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න විමසා බැලිය යුතුය. පළාත් සභාවන්ට ප්‍රඥප්ති සෑදීමට බලය දීම යනු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 76 ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමකි. නමුත් IN RE THE THIRTEENTH AMENDMENT හිදී බහුතර විනිසුරු මඩුල්ල කියා සිටියේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් නොවන බවයි. එනම් පළාත් සභාවන්ට දී ඇති බලතල අභිබවා සිටීමට පාර්ලිමේනුතුවට හැකියාවක් ඇති බවයි.
එසේම පළාත් සභා ලැයිස්තුවේ ඇති කාරණා සම්බන්ධයෙන් ප්‍රඥප්ති සෑදීමට බලය පළාත් සභාවන්ට ලබාදී තිබුණද ප්‍රඥප්තියක් නීතියක් බවට පත්වන්නේ ආණ්ඩුකාරවරයා අත්සන් තිරීමෙන් අනතුරුවය. යම් අවස්ථාවක ආණ්ඩුකාරවරයා ඊට අකමැති වන්නේ නම් එය සංශෝධනයට ආපසු යවයි. නැවත ඉදිරිපත් කිරීමේදීද එයට ආණ්ඩුකාරවරයා අකමැති වන්නේ නම් එහි නෛතිකභාවය තීරණය කර ගැනීමට වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. එසේ ප්‍රඥප්තිය අත්සන් කිරීම නොකරන්නේ ජනාධිපතිවරයා හෝ මධ්‍යම ආණ්ඩුව දිනවීමේ අපේක්‍ෂාවෙන් නම් පළාත් සභා පිහිටුවීම තුළින් අපේක්‍ෂා කළ කඩිනම් සංවර්ධනය උදා කිරීම පරාජය වේ.
සමගාමී ලැයිස්තුවේ කාරණාවක් සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් සකස් කරන්නේ නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් විමසීමක් කළ යුතුය. එසේම පාර්ලිමේන්තුව සමගාමි ලැයිස්තුවේ කරුණක් සම්බන්ධයෙන් නීතියක් සකස් කරන්නේ නම් සියලු පළාත් සභාවලින් විමසීමක් කළ යුතුය. එහෙත් ප්‍රායෝගිකව බලන කල පාර්ලිමේන්තුව සමගාමී ලැයිස්තුවේ බලතල භුක්ති විද ඇත්තේ තනි හා අනන්‍ය ස්වරූපයකිනි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිලිගැනීමට පළාත් සභාවන්ට සිදු වේ.
එසේම පළාත් සභාවන්ට දී තිබෙන බලතලද යම් යම් අවස්ථාවන් වලදී උදුරා ගැනීමක් මධ්‍යම ආණ්ඩුව විසින් සිදු කරනු ලබයි. පළාත් සභා සම්බන්ධයෙන් අමානුෂික ලෙස සැලකීමක් වන්නේ 154(උ)(11) ව්‍යවස්ථාවයි. ඒ අනුව පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණක් සම්බන්ධයෙන් වෙනත් යම් රටක් හෝ රටවල් සමග ඇති කර ගන්නා යම් ගිවිසුමක්, එකගවීමක් හෝ සම්මුතියක් කාර්ය පටිපාටිය නොවන වෙනත් ආකාරයකින් නීති සෑදිය හැකි වීමයි. මේ ආකාරයට බලය දකුණු අතින් දී වමතින් ආපසු ගැනීම තුළ පළාත් සභා දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
155(3)(අ) ව්‍යවස්ථාව යටතේ මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් නීති සැකසීමේ හැකියාවක් ජනාධිපතිවරයා සතු වේ. මෙහිදී සෑම නීතියක්ම යටපත් වේ. ඒ අනුව හදිසි නීතිය යටතේ දිගින් දිගටම නීති සම්පාදනය කිරීමට වුවහොත් පළාත් සභාවන්හි ප්‍රඥප්ති සෑදීමේ හැකියාව කිසිදා සැබෑ නොවන සිහිනයක් වේ. එනම් පළාත් සභාවන්හි ප්‍රයෝජනයක් නැති තත්වයට පත්වේ.
මධ්‍යම රජයේ බලය පළාත් සභාවන්ට විමධ්‍යගත කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස රාජ්‍ය සේවය පිළිබඳ බලතල ලබාදීම දැක්විය හැකිය. රාජ්‍ය සේවය පිළිබඳව කටයුතු කිරීම විධායකය යටතේ රාජ්‍ය සේවා කොමිසන් සභාව හරහා සිදුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට යටත්ව රාජ්‍ය සේවා කොමිසන් සභාව හා රාජ්‍ය සේවා කාරක සභාව ලංකාවේ ක්‍රියාත්මක විය. මේ යටතේ මූලික වශයෙන් රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, විනය පාලනය, සේවයෙන් ඉවත් කිරිම ආදිය සිදු කරනු ලබයි.
1987 පළාත් සභා පිහිටුවීමත් සමග රාජ්‍ය සේවය පළාත් සභා මට්ටමින් ඇති කරන ලදි. පළාත් සභා පනතේ 32 වගන්තිය මගින් පළාත් රාජ්‍ය සේවය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබධව පැහැදිලිව දක්වයි. ඒ අනුව ආණ්ඩුකාරවරයා හරහා පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව සඳහා නිලධාරීන් පත් කරනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන් අධිකරණ නිලධාරීන් නොවන ඕනෑම තැනැත්තන් 3කට නොඅඩු සංඛ්‍යාවක් ඒ සඳහා පත් කරනු ලබයි. එසේම පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, විනය පාලනය, සේවයෙන් ඉවත් කිරීම පිළිබඳ වන තීරණයක් වෙනස් කිරීමේ හැකියාව ආණ්ඩුකාරවරයා සතු වේ. මෙහිදීද ආණ්ඩුකාරවරයා පක්‍ෂග්‍රාහි නොවේ යයි කිව නොහැක. නිදසුනක් ලෙස වයඹ පළාත් සභාව තුළ ඇති වූ ගැටුම දැක්විය හැක. මේ ආකාරයට පළාත් සභාව තුළ දිගින් දිගටම ගැටුම් ඇති වන්නේ නම් එම පළාත් සභා සාර්ථක වේ යයි කිව නොහැක.
පළාත් සභා අසාර්ථක වීමේ මූලිකම හේතුව වන්නේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරීත්වය බව පෙනී යයි. පළාත් සභාවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මූලික ප්‍රතිපාදන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154(ක) ව්‍යවස්ථාවේ දක්වා තිබේ. මේ අනුව මුදල් කොමිසන් සභාව පළාත් සභා මුදල් කටයුතු පාලනයේදී අතිශයින් වැදගත් කාර්යයක් ඉටු කරයි. එම කොමිසන් සභාව මධ්‍යම ආණ්ඩුව සතු වූවකි. පළාත් සභා පනත දක්වන ආකාරයට පළාත් සභාවලට සිව් ආකාරයකින් මුදල් ලැබේ. නමුත් පළාත් සභා පනතේ 19 වගන්තියේ මේ සම්බන්ධ සියලු ප්‍රතිපාදන දක්වමින් අවසානයේදී ඒ සඳහා රීති සෑදීමේ හැකියාවක් ආණ්ඩුකාරවරයාට ලබ දී තිබේ. එමගින්ද යම් ආකාරයකට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් මධ්‍යම රජයට ලැබී තිබේ.
මුදල් කොමිසන් සභාවේ අනුමැතිය මත වාර්ෂිකව පළාත් සභා සඳහා මුදල් බැර කෙරේ. එකී වෙන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යයද මුදල් කොමිසන් සභාව සිදු කරනු ලබයි. එමගින් විද්‍යමාන වන්නේ මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් පළාත් සභා වෙත ස්වාධීනත්වයක් නොමැති බවයි. එනම් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමේදී මධ්‍යම ආණ්ඩුව ඒ ඒ පළාත් සභාවන් සඳහා ඍජුව බලපෑම් කිරීමට අවස්ථාවක් ලැබී තිබේ.
පළාත් සභා වෙත ලැබෙන බදු මුදල් දෙසට අවදානය යොමු කිරීමේදී ආදායම් බදු හා සුරා බදු එකතු කිරීමට පළාත් සභාවන්ට අවස්ථාව දී නොමැත. එම බදු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලැබේ. එනිසා පළාත් සභාවලට බදු මුදල් වලින් ලැබෙන ආදායම් අල්පය.
පළාත් සභාවලට විමධ්‍යගත කොට ඇති බලතල සලකා බලන විට ඒවා ක්‍රියාත්මක කිරීමට සරිලන ආදායමක් පළාත් සභාවලට ලැබිය යුතුය. එම බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ආදායම් නොලබන්නේ නම් එකී බලතල විමධ්‍යගත කිරීමේ ඵලක් නැත.
පළාත් සභා අසාර්ථක වීමෙහිලා බලපෑ සාධක සාරාංශයක් වශයෙන් ගත් කල මූලික වශයෙන් පළාත් සභාවලට නිසි බලතල ලබා නොදීම, විධායකය හා ව්‍යවස්ථාදායකය නිරන්තරයෙන් පළාත් සභා කටයුතුවලට ඇගිලි ගැසීම සිදු කිරීම, පළාත් සභාවල ආණ්ඩුකාරවරයා නිරන්තරයෙන් මධ්‍යම ආණ්ඩුවේ ඉත්තෙකු බවට පත්වීම, පළාත් සභාවන් මහජනතාව සමග බද්ද නොවීම, පළාත් සභාවන්ගේ ආදායම් ඌණතාවය, පළාත් සභාවන්හි සම්පත් අසම ව්‍යාප්තිය යනාදි හේතූන් දැක්විය හැකිය. එකී කාරණා නිසා පළාත් සභා ක්‍රමය කෙරෙහි ජනතාව තුළ උදාසීනත්වයක් ඇතිවී තිබේ.

යෝජනා

පළාත් සභා පවත්නා තත්වයෙන් ගොඩ ගැනීමට නම් එක් එක් පළාත් සභාවන්ට නිසි බලතල නිසි බලතල ලබා දී පළාත් සභාවන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකිවන සේ පත් කිරීම් සිදු කිරීම හා ප්‍රමාණවත් ආදායම් ලබා ගැනීමට හැකිවන සේ මධ්‍යම ආණ්ඩුව විසින් කටයුතු සම්පාදනය කිරීම යුගයේ අවශ්‍යතාවයකි. මෙය තමන්ගේ වාසියට යොදා නොගෙන සමස්ත ජනතාවගේම සහ රටේම අභිවෘද්ධිය උදෙසා ක්‍රියාවට නැංවීම කළ යුතුය.