Search This Blog

Thursday, July 8, 2010

ඊළාම් යුද්ධය II



ඊළාම් යුද්ධය II

1980 දී සහ 1990 දී පැවති රාජ්‍යයන් දෙමළ ජනතාව සතුටු කිරීම සදහා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනීම සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැනි පනත් කීපයක් සම්මත කර ගන්නා ලදී.

‍එසේ වුවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් දිගටම සිදුවිය. ඉන්දිය සාම සාධක හමුදාව ඉවත් වු පසු එල් .ටී.ටී.ඊ. ය අනෙකුත් තරගකාරී ආයුධ සන්නද්ධ කණ්ඩායම් විනාශ කරමින් බලවත් විය. රජය ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමද මර්දනය කළේය. ප්‍රධාන විරුද්ධ පාර්ශවයන් දෙකම ඔවුනොවුන්ගේ බලය තර කර ගත් පසු දෙපාර්ශවයම සටන් විරාමය කඩ කළහ. රජය නැවත යාපනය අත්පත් කර ගැනීමට සටනක් දියත් කළේය.

මෙම යුද්ධ තත්වය දෙවැනි ඊළාම් යුද්ධය ලෙස හැදින්වින. එය කෲරත්වයෙන් ගහණ විය. නිදහස් කරන පොරොන්දුව මත එල්.ටී.ටී.ඊ.යට යටත් වු සිංහල හා මුස්ලිම් පොලිස් නිළධාරීන් 113 ක් එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කරන ලදී. රජය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය යාපනයට ගෙන යාම තහනම් කළහ. ගුවන් හමුදාව ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ඉලක්ක වලට අනුකම්පා විරහිතව බෝම්බ ප්‍රහාර එල්ල කළහ. මෙය ට එල්.ටී.ටී.ඊ.ය ප්‍රතික්‍රියා දැක්වුයේ සිංහල හා මුස්ලිම් ගම්මානවලට පහර දී සිවිල් වැසියන් 166 දෙනෙකු එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කිරිම යුද්ධයෙන් සිදුවු විශාලතම මනුෂ්‍ය ඝාතනය විය. රජය මුස්ලිම් ආරක්ෂකයින්ට පුහුණුවද , අවි ආයුධ ද ලබා දී දෙමළ ගම්මානවලින් පළිගත්හ. නැගෙනහිර පළාතේ සැලකිය යුතු සිවිල් දෙමළ ජනතාවක් ඝාතනය වු අතර ඒ පිළිබද වගකීම රජයේ හමුදාවනට එල්ල විය. අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් නීතිවේදියෙකු වු නීලන් තිරුචෙ ල්වම් කොළඹ අයි.සී. ඊ.එස්. හදී කළ කථාවකදි සතුරු කොන්ඩාන් හි ළමා ඝාතන , නැගෙනහිර සරසවිය , මයිලන්දනෙයි සහ සුරියකන්ද ශිෂ්‍ය සමුහ ඝාතනය හා මිනීවල පිළිබදව පරීක්ෂණ කටයුතු වලට හදිසි නීති රෙගුලාසි පැනවීමෙන් බාධා කළ බව පෙන්වා දුන්නේය. මෙය වරදකරුව න්ට බේරී සිටීමට රුකුලක් විය. උතුරේ හා නැගෙනහිර පළාතවල මහා මාර්ගයන්හි පිළිස්සෙමින් තිබෙන් මළ සිරුරු සුලභ දර්ශනයක් විය. රජයේ මිනීමරු හමුදා මුලු දිවයින පුරා සිංහල හෝ දෙමළ තරුණ යින් දඩයම් කළේ පැහැර ගත්තේ ඝාතනය කළේ ඔවුන් එල්.ටී.ටී.ඊ. යේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් යැයි සැක කරමිනි. 1990 ඔක්තෝබර් මාසයේ චී එල්.ටී.ටී.ඊ. ය විසින් යාපනයේ සිටි මුස්ලිම් ජනයා ඇදි වත පමණක් රැගෙන නිවෙස් වලින් පිටවීමට සිදුවිය.

විශාලතම යුද්ධයක් ඇතිවුයේ 1991 දී එල්.ටී.ටී.ඊ. හමුදා භටයින් 5000ක් විසින් යාපනය අර්ධද්වීපයට පිවිසුම් මාර්ගයක් වුද ශ්‍රී ලංකා හමුදාවන්ට අයිතිවුද අලිමංකඩ කදවුර මාසයක් තිස්සේ වටලා සිටි අවස්ථාවේදීය. මාසයක් පුරා පැවතුණු වටලෑමේදී දෙපාර්ශවයේම 2000කට අධික සංඛ්‍යාවක් මිය ගියේ රජයේ 10000ක ආධාර හමුදාව ඒමට පෙරාතුවය.

1992 පෙරබරවාරි මාසයේදී යාපනය අල්ලා ගැනීමට කරන ලද සටන් කීපයක්ම ව්‍යර්ථ විය. ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමග මේජර් ජෙනරාල් විජය විමලරත්න හා රියර් අද්මිරා ල් මොහාන් ජයමහ 1992 අගෝස්තු 8 වැනි දින යාපනය අරාලි තුඩුවේදි බිම් බෝම්බයක් පුපුරා මිය ගියහ. මෙම සිද්ධිය හමුදාවේ චිත්ත ධෛර්ය කෙරේ විශාල ලෙස බල පෑවේය. එල්. ටී.ටී.ඊ.ය ඔවුන්ගේ පාර්ශවයෙන් විශාල ජයග්‍රහණයක් අත් කර ගත්තේ ඔවුන්ගේ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි මාසයේදී ඝාතනය කිරීමෙනි.

No comments:

Post a Comment