Search This Blog

Thursday, July 22, 2010

ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම





ශ්‍රී ලංකාවෙහි සාමය සහ සාමාන්‍ය තත්ත්වය ඇතිකරලීම සඳහා වූ ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන උතුමාණෝ සහ ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු රජීව් ගාන්ධි උතුමාණෝ 1987 ජූලි මස 29 වැනි දින කොළඹ දී හමුවී,

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීම, වර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම අතිශයින් වැදගත් සේ සළකා, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා විසඳාලීමේ උග්‍ර අවශ්‍යතාවය පිළිගනිමින්, ශ්‍රී ලංකාවෙහි වෙසෙන සියළුම ජනවාර්ගික කොට්ඨාශයන්ගේ ආරක‍ෂාව, සමෘද්ධිය සහ සෞභාග්‍යය ළඟාකර ගැනීම සඳහා,

මෙහි පහත දැක්වෙන ගිවිසුමට අද දින එළඹුනහ.

1.1 ශ්‍රී ලංකාවෙහි ඒකීය භාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂා කිරිමට අපේක‍ෂා කරන හෙයින් ද,

1.2 ශ්‍රී ලංකාවෙහි, අනෙකුත් ජාතීන් අතර, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්(මරක්කල) සහ බර්ගර් ජාතීන්ගෙන් සමන්විත බහු ජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුත් බහුවිධ සමාජයක් ඇති බැව් පිළිගන්නා හෙයින් ද,

1.3 සැළකිල්ලෙන් පෝෂණය කළයුතු වූ එකිනෙකට වෙනස් සංස්කෘතික සහ භාෂාමය අනන්‍යතාවයක් එක් එක් ජනවාර්ගික කොට්ඨාශයට ඇති බැව් පිළිගන්නා හෙයින්ද,

1.4 දෙමළ භාෂාව කථා කරන ශ්‍රී ලාංකික ජනයා අනෙකුත් ජනවාර්ගික කොට්ඨාශයන් සමඟ එකට මෙතෙක් ජීවත් වූ නැගෙනහිර සහ උතුරු පළාත් එම දෙමළ භාෂාව කතා කරන ජනයාගේ ඓතිහාසික වාසභූමි ලෙස තිබූ බැව් පිළිගන්නා හෙයින් ද,

1.5 ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවයට ආධාර වන්නා වූ බලවේගයන් ශක්තිමත් කිරීම හා සමානාත්මතාවයෙන් සහ සමඟියෙන් යුතුව ජිවත්වෙමින්, සමෘද්ධිය ළඟා කර ගනිමින්, ශ්‍රී ලංකාවේ සියළුම පුරවැසියන්ට ස්වකීය අභිමතාර්ථයන් ඉටු කරගත හැකි අයුරු ශ්‍රී ලංකාවේ බහු ජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුක්ත වූ බහුවිධ සමාජ ස්වරූපය ආරක‍ෂා කිරීම පිළිබඳ අවශ්‍යතාවය දන්නා හෙයින් ද,

2. මෙසේ සම්මත කරති:

2.1 සමීපව පිහිටි පළාත්වලට එක් පරිපාලනමය ඒකකයක් සෑදෙන සේ එකිනෙකට සම්බන්ධවීමටත් උතුරු සහ නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් පහත විස්තර කර ඇති අයුරින් ජනමත විචාරණයක් මාර්ගයෙන් ඒවාට වෙන්වීමටත් ඉඩදීමට ශ්‍රී ලංකා රජය යෝජනා කරන හෙයින්,

2.2 මෙහි පහත 2.8 වැනි ඡේදයෙහි සඳහන් පළාත් සභා ඡන්ද විමසීමේ දින සිට, 2.3 වැනි ඡේදයෙහි සඳහන් ජනමත විචාරණය පවත්වනු ලබන දිනය දක්වා වූ, අතුරු කාලපරිච්ඡේදය වශයෙන් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදය තුළ උතුරු සහ නැගෙනහිර පළාත් ඡන්දයෙන් තෝරාපත් කරනු ලබන එකම පළාත් සභාවකින් යුත් එකම පරිපාලන ඒකකයක් වනු ඇත. එවැනි ඒකකයක් සඳහා එක් ආණ්ඩුකාරවරයකු එක් ප්‍රධාන ඇමතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ඇත.

2.3 (අ) නැගෙනහිර පළාත උතුරු පළාතට සම්බන්ධවූ එක් පරිපාලන ඒකකයක් වශයෙන් පැවතෙමින් ඉහත 2.2 වැනි ඡේදයෙහි සඳහන් අයුරු උතුරු පළාත සමඟ දිගටම ඒකාබද්ධව පාලනය කරගෙන යා යුතු ද නැතහොත්

(ආ) නැගෙනහිර පළාත එක් ආණ්ඩුකාරවරයකු, එක් ප්‍රධාන ඇමතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් සහිත වෙනම පළාත් සභාවක් ඇති වෙනත් පරිපාලන ඒකකයක් විය යුතුද,

යන්න නැගෙනහිර පළාතේ ජනතාව විසින් තීරණය කරනු ලැබීමට හැකිවන සේ 1988 දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇත. එවැනි ජනමත විචාරණයක්, ස්වකීය අභිමතය පරිදි ජනාධිපතිවරයා විසින් කල් දමනු ලැබිය හැකිය.

2.4 ජනවාර්ගික ප්‍රචණ්ඩ කි්‍රයා නිසා හෝ වෙනත් හේතූන් නිසා ස්වකීය වාසස්ථාන හැරයාමට සිදුවූවන් හට එවැනි ජනමත විචාරණයකදි ඡන්දය දීමේ අයිතිවාසිකම හිමිවනු ඇත. ඔවුන් කළින් සිටි ප්‍රදේශවලට ආපසු පැමිණීමට අවශ්‍ය වාතාවරණය ඇති කරලනු ඇත.

2.5 එම ජනමත විචාරණය, අග්‍ර විනිශ්චයකාර තැනගේ ප්‍රධානත්වයෙන් වූද, ශ්‍රී ලංකා රජය විසින් නම් කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකුගෙන් සහ නැගෙනහිර පළාතෙහි දෙමළ භාෂාව කථා කරන ජනයාගේ නියෝජිතයින් විසින් නම් කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකුගෙන් යුත් කමිටුවක පරීක‍ෂාව යටතේ පත්වනු ඇත.

2.6 ජනමත විචාරණයේ ප්‍රතිඵල තීරණය කිරීම සඳහා සාමාන්‍ය බහුතරයක් ප්‍රමාණවත් වනු ඇත.

2.7 රටෙහි පවත්නා නීතිය අනුව ඉඩදිය හැකි රැස්වීම් සහ අනෙකුත් අන්දමේ ප්‍රචාරක කටයුතුවලට ජනමත විචාරණයට පෙර ඉඩ කඩ ලබා දෙනු ඇත.

2.8 මීළඟ මාස තුන ඇතුළත දී, කෙසේ වෙතත් 1987 දෙසැම්බර් මස 31 වැනිදාට පෙර, පළාත් සභා සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත. උතුරෙහි සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම් සඳහා ඉන්දියානු නිරීක‍ෂකයින්ට ආරාධනා කැරෙනු ඇත.

2.9 1987 අගොස්තු මස 15 වැනි දින වන විට උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසි අවස්ථාව ඉවත් කෙරෙනු ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පැය 48 ක් ඇතුළත දිවයින මුළුල්ලෙහිම සටන් නවත්වාලනු ඇත. සටන්කාමී කණ්ඩායම් සතුව දැනට ඇති සියළුම අවි ආයුධ ශ්‍රී ලංකා රජය විසින් පත් කරනු ලබන බලධාරින්ට, ගිවිසගනු ලබන ක්‍රියා පරිපාටියක් අනුව, භාර දෙනු ඇත.

සටන් නවත්වාලීමෙන් සහ සටන්කාමී කණ්ඩායම් විසින් අවි ආයුධ භාරදීමෙන් පසු 1987 මැයි මස 25 වැනි දිනදී මෙන් යුද හමුදාව සහ සියළුම ආරක‍ෂක නිලධාරීන් කඳවුරුවල බැරැක්කවලට සීමා කර තබනු ඇත. අවි ආයුධ භාරදීමේ සහ ආරක‍ෂක නිලධාරීන් බැරැක්කවලට ආපසු යෑමේ ක්‍රියාවලිය සටන් නැවැත්වීම කි්‍රයාත්මක වි පැය 72 ක් ඇතුළත අවසන් කරලිය යුතුය.

2.10 උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල නීතිය කි්‍රයාත්මක කිරීමේ සහ ආරක‍ෂාව පවත්වාගෙන යෑමේ කාර්යයන් සඳහා රටෙහි අනෙකුත් ප්‍රදේශවල යොදා ගන්නා රාජ්‍ය සංවිධානයන් සහ පටිපාටීන්ම ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කරගනු ඇත.

2.11 ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත සහ අනෙකුත් හදිසි අවස්ථා නීති යටතේ දැනට අත්අඩංගුවේ සිටින දේශපාලනමය සහ අනෙකුත් සිරකරුවන්හට ද, සටන්කාමීන්හට ද මෙකී නීති යටතේ චෝදනා ලැබ නඩු පවරනු ලැබ සහ / හෝ දඩුවම් කරනු ලැබ ඇති පුද්ගලයනහට ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් පොදු ක්ෂමාවක් දෙනු ඇත. සටන්කාමී තරුණයින් රටෙහි ජන ජීවිතයෙහි ප්‍රධාන කි්‍රයාවලියට ආපසු පමුණුවාලීම සඳහා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් විශේෂ පරිශ්‍රමයක් දරනු ඇත. මෙම කි්‍රයාවලියට ඉන්දියාවේ සහාය ලැඛෙනු ඇත.

2.12 ඉහත විධි විධාන ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන ඒ අනුව කටයුතු කරනු ලබනු ඇත. අනෙකුත් සියල්ලන් විසින්ද එසේ කටයුතු කරනු ඇතැයි රජය අපේක‍ෂා කරයි.

2.13 මෙම තීරණයන් සඳහා වූ මූලික රාමුව පිළිගනු ලබන්නේ නම් ශ්‍රී ලංකා රජය විසින් අදාල යෝජනා වහාම කි්‍රයාත්මක කරනු ඇත.

2.14 මෙම යෝජනා ඉන්දියානු රජය විසින් සහතික කරනු ලබන අතර ඒවා කි්‍රයාත්මක කිරීමෙහි ලා සහාය වනු ඇත.

2.15 1986. 05. 04 වැනි දින සිට 1986. 12. 19 වැනි දින දක්වා වූ කාලය තුළ සාකච්ඡා කරන ලද යෝජනාවන් පිළිගත යුතුය යන කොන්දේසියට මෙම යෝජනා යටත් වේ. අවසාන නිගමනයකට නොඑළඹෙන ලද ඉතිරි කරුණු මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් සති හයක් ඇතුළත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් නිරාකරණය කරගත යුතුය. මෙම යෝජනා කි්‍රයාත්මක කිරීමෙහිලා ඉන්දියානු රජය කෙළින්ම ශ්‍රී ලංකා රජයට සහායවනු ඇත යන කොන්දේසියට ද ඒවා යටත්ය.

2.16 ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා වූ යෝජනාවල මෙම මූලික රාමුව ශ්‍රී ලංකාවෙහි සිටින කිසියම් සටන්කාමී කණ්ඩායමක් විසින් නොපිළිගනු ලැබුවහොත් ඉන්දියානු රජය පහත සඳහන් අයුරු කි්‍රයා කරනු ඇතැයි යන කොන්දේසියට ද මෙම යෝජනා යටත් වේ.

(අ) ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවයට, දේශපූර්ණත්වයට සහ ආරක‍ෂාවට අහිතකර කාර්යයන් සඳහා ඉන්දියානු භූමිය ප්‍රයෝජනය නොගනු ලබන බව සහතික කිරීමට අවශ්‍ය සියළු පියවර ඉන්දියානු රජය විසින් ගනු ඇත.

(ආ) ද්‍රවිඩ සටන්කාමී කටයුතු ලංකාවට බලපෑම වලක්වාලීම සඳහා ඉන්දියානු නාවික / වෙරළාරක‍ෂක හමුදා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය වනු ඇත.

(ඇ) මෙම යෝජනා කි්‍රයාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයෙන් යුද්ධාධාර ඉල්ලා සිටි විටකදී ශ්‍රී ලංකා රජයට එවැනි යුද්ධාධාර දීමෙන් ඉන්දියානු රජය සහාය වනු ඇත.

(ඈ) තමිල්නාඩුවෙහි සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ශ්‍රී ලංකාවට ආපසු එවීමත් සමඟම මෙරට වාසය කරන ඉන්දියානු පුරවැසියන් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ආපසු ගෙන්වා ගැනීම ඉන්දියානු රජය විසින් කඩිනම් කරනු ඇත.

(ඉ) උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන සියළුම ජනවාර්ගික කොටස් වලට අයත් තැනැත්තන්ගේ ආරක‍ෂාව සහ සුරක‍ෂිතභාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

2.17 මෙම ගිවිසුමෙන් අදහස් කරනු ලබන ඡන්ද විමසීමේ කි්‍රයාවලියට නිදහස්ව, පූර්ණව සහ සාධාරනව සහභාගී වීම උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින සියළුම ඡන්දදායකයින්ට ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත.

2.18 සිංහල භාෂාව ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය භාෂාව විය යුතුය. දෙමළ සහ ඉංග්‍රිසි භාෂාවන් ද රාජ්‍ය භාෂාවන් වනු ඇත.

3. අත්සන් තැබූ විට මෙම ගිවිසුම සහ ඒ සමඟ ඇති ඇමුණුම කි්‍රයාත්මක විය යුතුය.

එක්දහස් නවසිය අසූහතක් වූ ජූලි මස විසි නව වැනි අද දින ශ්‍රී ලංකාවෙහි කොළඹ දී සත්‍ය වු පිටපත් දෙකකින් සකස් කරන ලද මෙයට අපගේ අත්සන් සහ මුද්‍රා තැබුවෙමු.

ජූනියස් රිචඩ් ජයවර්ධන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

රජීව් ගාන්ධි ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය

ඇමුණුම

1. ගිවිසුමේ 2 වැනි ඡේදයෙහි සහ එම ඡේදයෙහි අනු ඡේදයන් හි සඳහන් ජනමත විචාරණය ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණන් විසින් ආරාධනා කරනු ලබන ඉන්දියානු මැතිවරණ කොමිෂන් සභාවෙහි නියෝජිතයකු විසින් නිරීක‍ෂණය කරනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති.

2. එමෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් ආරාධනා කරනු ලබන ඉන්දියානු රජයේ නියෝජිතයකු විසින්, ගිවිසුමෙහි 2.8 වැනි ඡේදයෙහි සඳහන් පළාත් සභා ඡන්ද විමසීම නිරීක‍ෂණය කරනු ඇතැයි රාජ්‍ය නායකයෝ දෙදෙනා එකඟ වෙති.

3. පළාත් සභා ඡන්ද සාධාරනව පැවැත්විමට වාතාවරණය ඇතිකරලනු සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල ග්‍රාමාරක‍ෂකයින් විසුරුවා හැරීමටත් එම පළාත්වලින් උපයෝගී හමුදා පිරිස් ඉවත් කර ගැනීමටත් ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණෝ එකඟ වෙති.

ජනවාර්ගික ප්‍රචණ්ඩ කි්‍රයා නිසා ඇතිවූ එවැනි උපයෝගී හමුදා පිරිස් ශ්‍රී ලංකාවෙහි නිත්‍ය ආරක‍ෂක හමුදාවනට ජනාධිපතිතුමා විසින් ස්වකීය අභිමතය පරිදි අන්තර්ග්‍රහණය කරනු ඇත.

4. ගිවිසගත් පරිදි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන බලධාරීන්ට ද්‍රවිඩ සටන්කාමීන් විසින් ස්වකීය අවි ආයුධ භාරදිය යුතුයැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති. ශ්‍රී ලංකා රතු කුරුස හමුදාවෙහි සහ ඉන්දියානු රතුකුරුස හමුදාවෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් දෙදෙනෙකු හමුවෙහි අවි භාරදීම සිදුකළ යුතුය.

5. සටන් නැවැත්වීම ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දීය රජයේ සුදුසුකම්ලත් නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ ඉන්දු - ශී්‍ර ලංකා නිරීක‍ෂණ කණ්ඩායමක් විසින් 1987 ජූලි මස 31 වැනි දින සිට පරීක‍ෂා කරනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති.

6. සටන් නැවැත්වීම සහතික කිරීමටත්, එය කි්‍රයාත්මක කිරීමටත් ගිවිසුමේ 2.14 සහ 2.16 (ඇ) වගන්ති අනුව ඉන්දීය සාම බලඇණියකට අවශ්‍ය වේ නම් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් ආරාධනා කරනු ඇතැයි ද ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති.

1987 ජූලි 29

උතුමාණනි,

අවුරුදු දෙදහසකටත් අධික කාලයක් මුළුල්ලේ අප දෙරට අතර පවත්නා අපගේ මිත්‍රත්වය ගැන අප දන්නා හෙයින්ද, මෙම සම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිගන්නා හෙයින්ද අප එකිනෙකාගේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ආරක‍ෂාවට අහිතකර කටයුතු සඳහා අපගේ දේශ භූමි යොදා ගැනීමට ඉඩ නොදීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් යළි සහතික කිරීම අත්‍යවශ්‍යය.

2. ඉන්දියාව සැලකිලිමත්වන කරුණු පහත සඳහන් අයුරු නිරාකරණය කරලීමට අපගේ සාකච්ඡාවලදී එය අරමුණු කොට ගෙන ඔබ එකඟ විය.

(අ) විදේශීය හමුදා පිරිස් සහ රහස් තොරතුරු කාර්ය මණ්ඩල සිටීම ඉන්දු - ලංකා සබඳතාවලට අහිතකර නොවන බැව් සහතික කිරීම සඳහා ඔවුන්ගේ උචිතභාවය සහ ඔවුන් උපයෝගි කර ගැනීම පිළිබඳව ඔබතුමා සහ මා අතර ඉක්මනින් එකඟත්වයක් ඇතිකරගනු ඇත.

(ආ) ඉන්දියාවෙහි යහපතට අහිතකර වන අන්දමට ති්‍රකුණාමලය හෝ ශ්‍රී ලංකාවෙහි අන් කිසි වරායක් කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදෙනු ඇත.

(ඇ) ති්‍රකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවූ හවුල් ව්‍යාපාරයෙක් වශයෙන් කි්‍රයාත්මක කරනු ඇත.

(ඈ) විදේශීය ගුවන්විදුලි ප්‍රචාරක සංවිධානයන් විසින් ශ්‍රී ලංකාවෙහි පිහිටුවනු ලබන විවිධ පහසුකම් ප්‍රසිද්ධ ගුවන් විදුලි ප්‍රචාරයන් සඳහා වූ පහසුකම් විනා යුද කටයුතු හෝ රහස් තොරතුරු රැස් කිරිම සඳහා වූ හෝ ඒවා නොවන බවට සහතික කිරීම සඳහා එකී සංවිධාන සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් සමාලෝචනය කරනු ඇත.

3. ඒ අන්දමින් ම ඉන්දියාව විසින් ද

(අ) ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන්නාවූ හෝ ඛෙදුම්වාදය හෝ රටින් කැඩී යාම අනුගමනය කරන්නාවූ සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් නෙරපා හරිනු ඇත.

(ආ) ශ්‍රී ලංකාවේ ආරක‍ෂක හමුදාවන් සඳහා පුහුණුවීමේ පහසුකම් සහ හමුදාවනට අවශ්‍ය භාණ්ඩ සැපයීම් සලසා දෙනු ඇත.

4. ඉහත 1 වැනි ඡේදයෙහි සඳහන් අරමුණු හේතුකොටගෙන පොදුවේ බලපාන කරුණු අඛණ්ඩව සමාලෝචනය කිරීම සඳහා ද විශේෂයෙන්ම මෙම ලිපියෙහි සඳහන් අනෙකුත් කරුණු කි්‍රයාත්මක කිරීම පිළිබඳව පරීක‍ෂා කිරීම සඳහා ද හවුල් උපදේශක සංවිධානයක් ඇති කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

5. උතුමාණෙනි, ඉහත සඳහන් කරුණුවලින් අප දෙදෙනා අතර එළැඹී ගිවිසුම නිවැරදි ලෙස දැක්වෙන බැව් කරුණාවෙන් සනාථ කළ මැනවි.

උතුමාණනි, මගේ අතිශය ගෞරවය පිළිගනු මැනවි.

මෙයට, හිතවත්, රජීව් ගාන්ධි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ෙජ්. ආර්. ජයවර්ධන උතුමාණෝ කොළඹ.

ශ්‍රී ලංකා ජනාධිපති

1987 ජූලි 29

උතුමාණනි,

පහස සඳහන් අයුරු කියැවෙන 1987 ජූලි මස 29 වැනි දින දරණ ඔබේ ලිපියට ඔබගේ අවධානය යොමුකරවනු මැනවි.

උතුමාණනි,

අවුරුදු දෙදහසකටත් අධික කාලයක් මුළුල්ලේ අප දෙරට අතර පවත්නා අපගේ මිත්‍රත්වය ගැන අප දන්නා හෙයින්ද, මෙම සම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිගන්නා හෙයින්ද අප එකිනෙකාගේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ආරක‍ෂාවට අහිතකර කටයුතු සඳහා අපගේ දේශ භූමි යොදා ගැනීමට ඉඩ නොදීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් යළි සහතික කිරීම අත්‍යවශ්‍යය.

2. ඉන්දියාව සැලකිලිමත්වන කරුණු පහත සඳහන් අයුරු නිරාකරණය කරලීමට අපගේ සාකච්ඡාවලදි එය අරමුණු කොට ගෙන ඔබ එකඟ විය.

(අ) විදේශීය හමුදා පිරිස් සහ රහස් තොරතුරු කාර්ය මණ්ඩල සිටීම ඉන්දු - ලංකා සබඳතාවලට අහිතකර නොවන බැව් සහතික කිරීම සඳහා ඔවුන්ගේ උචිතභාවය සහ ඔවුන් උපයෝගි කර ගැනීම පිළිබඳව ඔබතුමා සහ මා අතර ඉක්මනින් එකඟත්වයක් ඇතිකරගනු ඇත.

(ආ) ඉන්දියාවෙහි යහපතට අහිතකර වන අන්දමට ති්‍රකුණාමලය හෝ ශ්‍රී ලංකාවෙහි අන්කිසි වරායක් කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදෙනු ඇත.

(ඇ) ති්‍රකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවූ හවුල් ව්‍යාපාරයෙක් වශයෙන් කි්‍රයාත්මක කරනු ඇත.

(ඈ) විදේශීය ගුවන්විදුලි ප්‍රචාරක සංවිධානයන් විසින් ශ්‍රී ලංකාවෙහි පිහිටුවනු ලබන විවිධ පහසුකම් ප්‍රසිද්ධ ගුවන් විදුලි ප්‍රචාරයන් සඳහා වූ පහසුකම් විනා යුද කටයුතු හෝ රහස් තොරතුරු රැස් කිරිම සඳහා වූ හෝ ඒවා නොවන බවට සහතික කිරීම සඳහා එකී සංවිධාන සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් සමාලෝචනය කරනු ඇත.

3. ඒ අන්දමින් ම ඉන්දියාව විසින් ද

(අ) ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන්නාවූ හෝ ඛෙදුම්වාදය හෝ රටින් කැඩියාම අනුගමනය කරන්නාවූ සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් නෙරපා හරිනු ඇත.

(ආ) ශ්‍රී ලංකාවේ ආරක‍ෂක හමුදාවන් සඳහා පුහුණුවීමේ පහසුකම් සහ හමුදාවනට අවශ්‍ය භාණ්ඩ සැපයීම් සලසා දෙනු ඇත.

4. ඉහත 1 වැනි ඡේදයෙහි සඳහන් අරමුණු හේතුකොටගෙන පොදුවේ බලපාන කරුණු අඛණ්ඩව සමාලෝචනය කිරීම සඳහා ද විශේෂයෙන්ම මෙම ලිපියෙහි සඳහන් අනෙකුත් කරුණු කි්‍රයාත්මක කිරීම පිළිබඳව පරීක‍ෂා කිරීම සඳහා ද හවුල් උපදේශක සංවිධානයක් ඇති කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

ඉහත සඳහන් කරුණුවලින් අප දෙදෙනා අතර ඇති කරගත් සම්මුති නිවැරදි ලෙස දැක්වෙන බැව් සනාථ කරමි.

උතුමාණනි, මගේ අතිශය ගෞරවය පිළිගනු මැනවි.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති

ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍ය, අතිගරු රජිව් ගාන්ධි උතුමාණෝ නවදිල්ලිය.

Sunday, July 18, 2010


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැදින්වීම.

ඇමරිකා‍වේ බ්‍රේට්න්වුඩ් නගරයේදී 1944 පවත්වනලද එක්සත් ජාතීන්ගේ මූල්‍ය සම්මේලනයේදී ඇතිකරගත් බ්‍රේට්න්වුඩ් ගිවිසුමට යටතේ 1947 මාර්තු 01 වන දින ජාත්යතන්තර මූල්‍ය අරමුදල අරඹන ලදි.

1930 ගණන්වල ඇතිවූ ලෝක ආර්ථීක අවපාතය නිසා ලෝකයේ සෑමරටකම පාහෙ ජාත්‍ය න්තර වෙළදාමෙන් වාසිදායක තත්වයක් ඇතිකර ගැනීම සඳහා ආරක්‍ෂක තීරු බදු ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම මුදල් අවප්‍රමානය කිරීම හා වෙනත් වෙළඳ බාධක පවත්වන ලදි. සෑම රටක්ම මේම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන්ගත් නිසා විදේශ වෙළඳාම බිද වැටීම, සේවා නියුත්තිය පහල වැටීම, අකාරියක්‍ෂගම ලෙෂ සම්පත් ඛෙදීයාම යනඅහිතකර තත්වයන්ට මුහුණ දීමට සෑම රටකටම සිදුවිය. මේනිසා විදේශිය වෙළදාම හා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙණු හැසිරවීම සඳහා සමිමත නීතිමාලාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම අපේක්‍ෂවෙන් ජා‍ත්‍යන්තර මූල්යි අරමුදල පිහිටුවා ගන්නා ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ හිගයන් පියවා ගැනීමට ණය දීම කරයි.


[සංස්කරණය] අරමුදලේ ප්‍රධාන අරමුණ හා කාර්යභාරය

සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ අසමතුලිතථා තුලනය කරගැනීමට අවශ්ය. කෙටිකාලීන ණය සැපයීම අරමුදලේ ප්‍රධාන කර්යයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සාමාජික යන්ට අවශ්යට උපදෙස් හා සහයෝගය දැක්වීම විනිමය ස්ථාවරත්වය වැඩිදියුනු කිරීම ක‍්‍රමාණුකූල විනිමය වැඩපිළිවලක් සැකසීම හා තරගකාරී ලෙස විනිමය අවප්‍රමානය ඉවත්කිරීම සඳහා සහය වීම මෙයින් සිදුකරයි.


[සංස්කරණය] සාමාජිකයින්ට ණය ලබාදීමේ කොන්දේසි

ණය ලබාගත හැක්කේ ගෙවුම් තුලනයට වර්තන ගෙවීම් හිඟය පියවීම සඳහා කෙටිකාලීන ණයයි. එසේම සාමාජික රටවලට අරමුදලේ සිය දායකත්ව පංගුවෙන් වර්ෂයකට 25% කට වඩා ණය ලබාගත නොහැක. එසේම අරමුදලෙන් ණයට ගන්නා මුදල් රටකින් රටකට සිදුවන ප්‍රාග්ධන පැවරුම් සඳහා භාවිතා කළ නොහැක.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අරමුදල් ගන්නේ සාමාජික රටවල් විසින් ගෙවනු ලබන සාමාජික මුදල් සංවර්ධිත රටවලින් ලබාගන්නා ණය ආධාර හා දියුණු රටවල මුදල් වෙළඳපොලට සුරැකුම්පත් හා ණයකර නිකුතුව මගිනි.


[සංස්කරණය] ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව - ඓතිහාසික පසුබිම

1952 ජනවාරි 17 වන දින ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගත් අතර ශ්‍රී ලංකාවට වෙන්කර දෙන ලද දායකත්වය ආරම්භයේදී ඇමරිකානු ඩොලර් දශලක්ෂ 45 කි. 1960 න් පසු ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ හිඟයන්ට මුහුණ දුන් නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනී මට යොමු විය.

ශ්‍රී ලංකාව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගෙන ඇත්තේ 1977 වර්ෂයේදීය. එය ඇමරිකාණු ඩොලර් මිලියන 133.6 ක සමස්ථ ණය පහසුකමකි. ඉන්පසුව 1979,1980,1981,1982,1983,1988,1989, යන වර්ෂවලදී ද ණය මුදල් ලබාලෙන තිබේ. මේ වර්ෂ අතරින් වැඩිම ණය මුදල ලබාගෙන තිඛෙන්නේ 1981 දී ය. පහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ විවිධ අවස්ථා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති ණය පිළිබඳ විස්තරයකි.

1977 සහ 2009 කාලපරිචිඡේදය තුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති ණය පහසුකම් (වි.ගැ.හි. දශ ලක්ෂ)


වර්ෂය විස්තර අනුමත කරන ලද ප්‍රමාණය ලබාගත් ණය ප්‍රමාණය
1977 සමීපස්ථ ණය පහසුකම -- 133.6
1979 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි හර ගැනීම් -- 29.7
1980 ජාත්‍යන්තර මූල්‍යඅරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් -- 55.1
1981 හිලව් ණය සැපයීමේ ක්රලමය හා විස්තීර්ණ ණය පහසුකම් -- 176.0
1982 හිලව් මුදල් ණය පහසුකම් -- 39.2
1983 සමීපස්ත ණය පහසුකම් 100.0 50.0
2001 සමීපස්ථ ණය පහසුකම 200.0 200.0
2003 දිළිඳුකම අඩු කිරීම සහ ආර්ථීක වර්ධන පහසුකම 269.0 38.4
2005 ස්වාභාවික ආපදා තත්ත්වයන්ට කඩිනම් ආධාර 103.4 103.4
2009 සමීපස්ථ ණය පහසුකම 1653.6 --

මෙම ණය සැමවිටම ලංකාව ලබාගෙන ඇත්ේත් විවිධ කොන්දේසි වලට යටත්වය. මෙම කොන්දේසි වලට අනුකූලව කටයුතු නොකරන සෑම අවස්ථාවකදීම ඉතිරි වාරික මුදල් ලබාදීම අත්හිටවනු ලැබේ. මෙම ලබාගන්නා මුදල් වැය කරන ආකාරය හා රජයේ ආර්ථීක ක්‍රියා පිළිවෙත අධීක‍ෂණය කිරීම නිරන්තරයෙන් සිදු වේ.


[සංස්කරණය] 2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ලබා ගැනීමට හේතු වූ පසුබිම

පසුගිය කාලය පුරාවට රටේ තිබූ විදේශ සංචිත ප්‍රමාණය විශාල වශයෙන් අඩුවිය. මෙයට වසරකට පමණ පෙර නිල විදේශ සංචිත මාස 51/2 ක කාලයක් විදේශ ආධාර වලින් තොරව යැවීමට තරම් ප්‍රමාණවත් විය. එහෙත් ශ්‍රී ලංකාවේ මහ බැංකු ප්‍රතිපත්ති සම්පාදකයින් රුපියල අව ප්‍රමාණ වීමට ඉඩ නොදී වැඩි අගයක් ලබා දීම සඳහා රජයේ විදේශ විනීමය සංචිත යොදාලනිමින රුපියලේ අගය රැක ගැනිමට කටයුතු කල නිසා විදේශ සංචිත විශාල ලෙස අඩුවීමක් සිදුවිය. එකේ මාස 51/2 කට ප්‍රමාණවත් වූ සංචිත මේ වන විට මාසයකට පමණක් ප්‍රමාණවත් මට්ටමට කඩා වැටුණි. මෙම විදේශ සංචිත අඩුවීම මත පසුගිය පෙබරවාරි මාසයේදී පමණ සම්පස්ථ ණය මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක් (රුපියල් කෝටි 1900 පමණ) පමණ අපේක්‍ෂා කරන බවට වූ ඉල්ලීම මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන ලදි. මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ‍දෙකක් මෙම ඉල්ලීම විමර්ශණය කරන ලදි. සාමාන්‍යයෙන් සමීපස්ථ ණය මුදල් මූල්‍ය අරමුදල සපයන්නේ හදිසියේ ඇතිවන ගෙවුම් ශේෂ හිගයක් මග හරවා ගැනීමටය. මෙම මුදල් ගෙවුම් ශේෂය පියවීමට හැර වෙනත් කිසිම කරුණකට යෙදවීම තහනම්ය. මෙම ණය කෙටිකාලීනය. උපරිම මාස 5 න් ගෙවීමට සිදුවේ. සංවර්ධන ණය මුදලකට වඩා පොළියද ඉහලය. සාමාන්යකයෙන් 4% ත් 5% ත් අතර මට්ටමක පවතී.


[සංස්කරණය] මතභේදයට තුඩුදුන් 2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය අනුමත වෙයි

.

ලංකාවේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීමට සහයෝගයක් වශයෙන් 2009 ජූලි 24 දින මෙම ණය මුදල අනුමත කරන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට පිරිනමන ලද විශාලතම ණය පහසුකම මෙයයි. පළමු මුදාහැරීම වශයෙන් එ.ජ./ දශ ලක්ෂ 322 ක් ශ්‍රී ලංකාවට ලැබුණි. අයහපත් හේතු කිහිපයක බලපෑමෙන් ගෙවුම් ශේෂය හිඟයකට හැරුණු අතර විදේශීය නිල සංචිත සැලකිය යුතු ලෙස පහත වැටුණි. මේවාට පිළියමක් ලෙස ණය පහසුකම බලාපොරොත්තු විය. මාස 20 ක් තුල සපයන මෙම ණය අවසාන වාරිකය 2011 මාර්තු මාසයේදී මුදාහැරේ. 2012 අ‍ප්‍රේල් මාසයෙන් අරඹා වසර 4 ක් ඇතුලත මෙය ගෙවා නිමකළ යුතුය. පොලී අනුපාතිකය කොටස් 2 කි. විදේශ ගැණුම් හිමිකම් අනුපාතිකය මත සතියකට වරක් සේවා ගාස්තු ගනනය කරයි. පොලී අනුපාතිකය වෙළඳපොල පොලියට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගනී.

සමීපස්ථ ණය පහසුකම වැඩසටහන යටතේ තිඛෙන සාර්ව ආර්ථීක ප්රවථීපත්ති සහ ඉලක්ක

01 2009 සඳහා රජයේ අයවැය හිඟය ද.දේ.නි යෙහි ප්‍රතිශතයක් ලෙස 7% ක් ලෙස පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ

02 රාජ්‍ය මූල්‍ය එකාග්‍රතා මාවත මාවත මගින් මගින් සෞඛ්‍ය, අධ්්‍යපන හා සමෘද්ධි දීමනා සඳහා වන වියදම් වැනි සාමාජීය අවශයතා වෙනුවෙන් වූ වියදම් ආරක‍්ෂා කරමින් ගැටුම් වලට බඳුන් වූ වියදම් ආරක්ෂා කරමින් ගැටුම් වලට බඳුන් වූ ප්‍රදේශවල සහන සැලසීම, නැවත පදිංචි කරවීම සහ යළි ගොඩනැගීම සඳහා වැයවන වියදම් වෙනුවෙන් ඉඩ සලසා දීම.

03 මෙම ප්‍රතිපත්ති සහතික කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජිකයින්ගේ විශ්වාසය වැඩිවන අතර දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා මෙන්ම ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ආයතන මගින් ණය මුදල් ආකර්ශනය කර ගැනීමට හැකියාව ලැබීම.

04 මෙසේ ලබාගන්නා ආයෝජන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම ගැටුම් පවතින ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු සහ සහන සැලසීම සඳහා යොදාගත හැකි අතර එමගින් දිගු කාලීනව රටේ නිශ්පාදනය සහ රැකියා අව්ස්ථා වැඩිකර ගැනීම මගින් අනාගත ආර්ථීක වර්ධනය සහ සාර්ව ආර්ථීක සමතුලිතතාවය අත්කර ගත හැකිවනු ඇත.

01- පවතින අර්බුදයෙන් වැලකීම සඳහා ශ්‍රී ලංකාවේ සංචිත නැවත වර්ධනය කිරීම.

02- ගැටුම් අවසන් වීමෙන් පසු නැවත ගොඩනැංවීමේ ප්රායත්නය සඳහා සහයෝගය දැක්වීම.

03- දිලිඳු පුද්ගලයන්ට රැකවරනය - ආධාර සැපයීම.(Protection for poor,assisting the most vulnerable) මෙහි ප්‍රධාන අරමුණු වේ.


*සංචිතවර්ධනය.

*දැරිය හැකි මට්ටමට අයවැය හිගය අඩු කිරීම.

*මූල්ය අංශය ශක්තිමත් කිරීම.

ගැටුම් පැවති ප්‍රදේශ ප්‍රතිසංස්කරනය යන කරුණු ඔස්සේ ලංකා රජය සකසන ලද වැඩසටහනට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවට මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීමේ මෙහෙයුම් ප්‍රධානී බ්‍රයන් අයිට්කින් (Brian Aitken) මහතා පවසන පරිදි ශ්‍රීලංකාව වසර ගණනාවක් පුරා විශාල අයවැය හිඟයක් පවත්වාගෙන යමින් එය කෙටිකාලීන ණය මුදල් මගින් මූල්යදනය කර ගත්තත් ගෝලීය මූල්‍ය අරමුදතුල ජාත්‍යන්තර වෙළඳපොලෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් විනිමය අනුපාතය අවපමාණය වීම එරට විදේශ සංචිත මත පීඩනයක් ඇතිකිරීමට හේතු වූ බැවින් එය වැලැක්වීම සඳහා මැදිහත් වීමක් වශයෙන් මෙම ණය මුදල ලබා දීමට එකඟ වී තිබේ.

මෙම ණය මුදල ලබා ගැනීමේදී රජයේ ප්රූධාන අරමුණක් වී තිඛෙන්නේ අයවැය හිඟය දැරිය හැකි මට්ටමට අඩු කිරීමයි. මෙම අරමුණ ලඟා කර ගැනීම සඳහා බදු පදනමේ සංශෝධනයක් හදුන්වා දීම තුළින් අධිභාරය වැඩිකර ගැනීමට 2010 අයවැය ආරම්භයේදී සැලසුම් කර ඇත. එසේම සමාජ සේවා බලාපොරොත්තු වන අයට හා දිළිඳු අයට රැකවරණය සැලසීමේ කටයුතු පවත්වාගෙන යාමද අත්‍යාවශ්‍ය වේ.

මෙම ණය මුදල සෘජුවම යොමුවන්නේ මහ බැංකුවේ සංචිත වලටයි. එහිදී නම්‍ය විනිමය අනුපාතය යොදාගනිමින් විදේශ සංචිත නැවත ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙය ආර්ථීකයේ කම්පන දරාගැනීමේ හැකියාව වර්ධනය වීමට හේතුවේ. රටේ පවතින ගෙවුම් ශේෂ අර්බුදය වැලැක්වීමටත්මෙය හේතුවනු ඇතැයි රජය අපේක්ෂා කරයි. එමගිනි ආයොජකයන්ගේ විශ්වාසය ආරක්ෂා කරගත හැකි බැවින් ඉහල ආර්ථීක වර්ධනයක් ළඟාකර ගත හැකිවේ.තව දුරටත් රජයේ ප්‍රධාන අරමුණක් වන ගැටුම් ඇති ප්‍රදේශ වල අවතැන් වූවන් නැවත පදිංචි කරවීම හා ඔවුන්ට අවශ්යත සමාජීය ආරාක‍ෂාව සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද මෙම මුදල් යෙදවීමට අපේක‍ෂා කර ඇත.

මෙම ණය මුදල මගින් රජයට වැඩි සම්පත් ප්‍රමාණයක් ක‍ෂණිකව සැපයෙන අතර එම මුදල යළි ගොඩනැංවීමේ වෑයම සඳහා යෙදවිය හැකිය. එසේම මෙම ක්‍රියාදාමය මගින් ජාත්‍යන්තර ප්‍රධානයන් ලබාදෙන්නට රාමුවක් සලසා දෙන අතර ඔවුන්ට මෙරටට පැමිණ රජයයට යළි ගොඩ නැංවීමේදී අවශ්ය‍ සහයෝගය ඉදිරි වර්ෂ වලදී ලබාදීමට හැකියාව ලැඛෙනු ඇත. මේ නිසා යටිතල පහසුකම් නැවත ගොඩනැගීම්, මාර්ග, රෝහල්, පාසල් ගොඩනැගීම යළි පදිංචි කරවීම ආදිය කඩිනමින් සිදුකිරීමේ හැකියාව ලැඛෙනු ඇත. මේ වන විටත් රජය 2007 දී ආරම්භ කරන ලද නැගෙනහිර පළාත යළි ගොඩනැගීමේ අත්දැකීම් පදනම් කරගෙන සම්පූර්ණ යළි ගොඩනැගීමක් මේ වන විට සිදුකරමින් පවතී.


[සංස්කරණය] ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙහි සාර්ව ආර්ථික බලපෑම

මූල්‍ය අරමුදලෙන් ලැබුණාවූ ණය සාමාන්යෙන් සිදුවන්නේ විදේශ සංචිත වැඩි වීමයි. විදේශ සංචිත යන්නු රජය මහ බැංකුව හා වාණිජ බැංකු මාර්ගයෙන් භාණ්ඩ හා සේවා අපනයන ඉපයීමයි. විදේශ ආයෝජන ගලා ඒම් විදේශ ණය ආධාර හා විදේශ ප්‍රදාන වශයෙන් රටට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණයේ විදේශ වත්කම් ලෙස හැදින්වෙ. විදේශ සංචිත ශක්තිමත් වන විට පිරිහෙමින් පැවැති විදේශ විනිමය අනුපාතිකය ශක්තිමත්වේ. එහිදී රුපියලේ බාහිර අගය ශක්තිමත් කර ගැනීමට හැකිවේ. රුපියලේ බාහිර අගය ශක්තිමත් වීම යනු මුදල් ඒකකයකින් මිලට ගත ගැකි විදේශිය මුදල් ඒකක ප්‍රමාණය අනුව මෙරටමුදල් ඒකකයකට ඇතිවන අගය ඉහල යාමයි. මේ සමගම රුපියල ජාත්‍යන්තරය පිළිගැනීමට ලක්වේ. මෙමගින් ආනයන ශක්‍යනතාව ඉහල යන අතර ආර්ථීකයේ විදේශ ගේවීම් ශක්තිය වැඩිවේ. මෙම බලපෑම මත ස්වෛර්ත‍ව ණයේ ශේණි ගත කිරීම යහපත් තත්වයකට පත්වේ. මෙමගින් ඍජු විදේශ ආයෝජන මෙන්ම කොටස් වෙළඳ පලට එන ආයෝජනය ආකර්ශනීය විය හැකිය.

මෙම ණය මුදල ලබාගැනීමේදී රජයේ ප්‍රධාන කොන් දේසියක් වුයේ අයවැය හිගය 07% දක්වා අඩුකිරීමයි. (ද.දේ.නි ප්‍රතිශතයක් වශයෙන්) එම අරමුණ ඉටු කර ගැනීමට නම් රජයට විශාල වශයෙන් තම වියදම් කලමණා කරණයට යාමට සිදුවණු ඇත. නැතිනම් වර්තන වියදම් සැලකිය යුතු ආකාරයකින් කපා හැරීමට රජයට සිදුවන බව පැහැදිලිය. එසේත් නැතිනම් ආයෝජක වියදම් කපා හැරීම සිදු කළ හැකිය. මෙම පියවර අනුගමනය නොකරන්නේ නම් රජ්‍ය ආදායම සැලකිය යුතු ලෙෂ වැඩි කර ගැනීමට රජයට සිදු වනු ඇත. නමුත් පසු ගිය වසර කීපය තුල ශ්‍රී ලංකාවේ රාජ්යි ආදායම දෙස බැලීමේදී එය අපේක්ෂාන මට්ටමට ළගාවු බවක් පෙනෙන්නට නැත. පසුගිය වසරේ රාජ්යය ආදායම රුපියල් බිළියන 750 ක් පමණ වෙතැයිඅපේක්ෂාට කළත් වසර අවසාන විට රජයට ලැබුනේ රුපියල් බිලියන 655 ක් පමණි. එසේම මෙම වසරේ රජ්යද ආදායම රුපියල් බිලියන 854 ක් වෙතැයි ඇස්තමේන්තු කර තිබුනත් වසරේ මුල් මාස 04 දී රජයට ලබා ගත හැකිවී තිඛෙන්නේ රුපියල් බිලියන 190 ක ආදියමක් පමණි. ඒ අනුව පෙනීයන්නේ මේ වසරේදීද රජය අපේක්ෂාක කරන ආදියම් ලබාගැනීමට අසීරු කරුනක් වී ඇති බවයි. අපනයනය වැඩිවී ආනයනය ඉහල යන තත්වයක් පෙනෙන්නට නැති අතර එයට සාපේක්ෂකව ආනයනයේ වියදම් ඉහල ගොස් ඇති ස්වරූපයක් පෙනෙන්නට තිබේ. ආදායම වැඩි කරගැනීමේ අරමුණු ඉටු කරගැනීම සඳහා රජයට බදු ගෙවන මාර්ග වලින් ආදායම වැඩිකර ගන්නා බවට එකතුවී ඇති අතර එයට රාජ්යන ව්ය වසායන්ගේ ලාභ ලබා ගැනීමත් ගාස්තු හා අයකිරීම් වැඩි කිරීමටත් තීරනය කර ඇත. මෙම අරමුන ඉටුකර ගැනීමටණය මුදලේ කොන්දේසියක් වී තිඛෙන්නේ දැනට පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය පාඩු නොලබන තත්වයට පත් කරලීමයි. එය පාඩු නොලබන තත්වයට පත් කිරීමට අපේක්ෂාද කරයි. එය ප්‍රයෝගිකව අත් කරගැනීම අසීරුය.

ආදායම වැඩි කරගැනීමට නොහැකි නම් ගතහැකි අනෙක් ක්‍රියා මාර්ගය වියදම් සීමා කිරීමයි. නැතිනම් වියදම් කපා හැරීමයි. එහෙත් රජයේ වියදම් කපා හැරීමද මේ වනවිට යම් ගැටලූ සහගත තත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. විශේෂයෙන් යුද්ධයෙන් අවැතැන් ජනතාවගේ ගැටලූව නිසා මේ වනවිට රජයට විශාල වියදම් දැරීමට සිදුවී ඇත. රජය කිසිදු වියදමක් කපා හැරීමට අපේක්ෂාේ නොකරයි. නමුත් 2010 අයවැය සකස් කිරීමේ දී ප්‍රග්ධන වියදම් කපා හැරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එමගින් රජයේ ආයෝජන පහල යෑමේ ප්‍රවනතාවක් ඉදිරි කාලයේදී ඇති විය හැක. ආර්ථීකයේ ආයෝජන අඩු කිරීම තුලින් සමහර ඉල්ලූමේ අඩු වීමක් සිදුවිය හැකි අතර දිගු කාලයේදී එය ආර්ථීකයේ නිමවුම් මට්ටම අඩුවීමකට බලපා එය ආර්ථීක වර්ධන අරමුණට ලගාවීම වලක්වයි.

මෙම ණය මුදලෙන් 70%-80% අතර ප්‍රමාණයක් උතුරු නැගෙනහිර අවැතැන්වූවන් සඳහා යොදවන බවට රජය එකග වී ඇත. මෙහිදී මතුවන ගැටලූව වන්නේ සමස්ත ජනගහනයෙන් ඉතා සුළු ප්රනථීසතයක් වෙනුවෙන් සමස්ත ණය මුදලෙන් මෙතරම් විශාල ප්‍රමාණයක් වැය කිරීමෙන් අතිමහත් බහුතර ජනතාවගේ සුභ සාධන අවශ්යමතා වෙනුවෙන් යෙද වීමට තිඛෙන මුදල් සීමා වීමක් වේ.

මෙය සමානාත්මතා අරමුණ විවාධයට ලක් කරයි. මෙසේ යොදවනු ලබන ලද මුදල් ප්‍රධාන වශයෙන් ඛෙදී යන්නේ එම අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ හා යළි ගොඩනැංවීමේ කටයුතු සඳහාය. මෙහිදී මෙම මුදල සීමිත වශයෙන් ආයෝජන වෙත යොමු කරන අතර වැඩි වශයෙන් ආර්ථීක වර්ධනයක් සිදුවේ යයි අපේක්ෂා කිරීම අපපහසු වේ.

ශ්‍රී ලංකා බලධාරීන් අනුගමනය කල ප්‍රතිපත්ති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතික කිරීමත් සමග ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිවන අතර දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා මෙන්ම ද්වි පාර්ශ්වීය හා බහු පාර්ශ්වීය ආයතන මගින් ණය මුදල් ආකර්ශනය කර ගැනීමට රටට හැකිවනු ඇත. මෙසේ ලබාගන්නා ආයෝජන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම ගැටුම් පැවති පූදේශවල ප්රකතිසංස්කරණ කටයුතු සහ සහන සැලසීම සඳහා යොදාගත හැකිවන අතර එමගින් දිගුකාලීනව රටෙහි නිශ්පාදනය සහ රැකියා අවස්ථා වැඩිකර ගැනීම මගින් අනාගත ආර්ථීක වර්ධනය සහ සාර්ව ආර්ථීක සමතුලිතතාව අත්කරගත හැකිවනු ඇත

ජාතික හෙළ උරුමය

ජාතික හෙළ උරුමය


ජාතික ‍ෙහළ උරුමය භක්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකිය දේශපාලන පක්ෂයක. 2004 දී ගහියන් මුල් කර ගත් සිංහල ජාතිවාද පක්ෂයක් වූ සිහළ උරුමය මෙම පක්ෂය පහට වීය. ආරම්භක සාමාජිකයන් අතර කොලොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හමි, එල්ලාවල මේධානන්ද හිමි, ඕටල්ප්ඒ සෝභත හිමි, අතුරලයේ රතන හිමි සහ තිලක් කරුණාරත්න යන අය වූහ. සමස්ත ලංකා භික්ෂු සංවිධානය ඇතුළු ශ්‍රි ලාංකිය සමහර බෞද්ධයෝ භික්ෂූන් දේශපාලනයට පැමිණිමට විරුද්ධ වූහ. එහෙත් මධ්‍යම පාන්තිකයන් සහ තරුනයන් ගේ පක්ෂයට සහය ලැබිනි.

ඉතහාසය ජා.හේ.උ සිය ප්‍රථම මැතිවරණයට තරග වැදුණේ 2004 අ‍ෙප්‍රල් 2 පැවති මහ මැතිවරණයේ දී එහි සියලු අපේක්ෂකයෝ භික්ෂූන් වූහ. පක්ෂය 6% ඡන්ද ලබාගත් අතර ආසන 225 න් නමයක් දිනාගත්තේය.

මැතිවරනයේ සිට පක්ෂය බොහෝ ආන්දෝලාත්මක සිඳුවීම් ගණනකටම සමිබන්ධ විය. උදාහරන ලෙස සදාචාර විරෝධි අන්‍්‍යාගමිකරණය වැලැක්වීමට පණතක් ගෙන ඒමට උත්සාහ ‍ෙකරිණ. පක්ෂයේ පාර්ලමේන්තු පිල තුළද යම් යම් ගැටුම් ඇතිවී ඇත්තේ මැතිවරනයකට පෙර හඳිසියේ එක්වූ කන්ඩායම තුළ රාජ්‍්‍ය පාලනය සමිබන්ධයෙන් එකමුතුවක් නොමැති බැවිනි.

ආරම්භක සාමාජිකයන් දෙදෙනෙකු වූ කොලොන්නාවේ සුමන්ගල හිමි සහ උඩුවේ ධම්මාලෝක හිමි පක්ෂය හැර ගියේ ගිහි බික්ෂූ අරගලයක් හේතුවෙනි.සිහළ උරුමයේ ආරම්බකයාද එජාපයට එක්විය. මාස ගණනක ගැටුම් වලින් පසු අතුරලයේ රතන හිමි නම් තරුණ හිමිනමකගේ සහ සිහළ උරුමයේ සාමාජික චම්පික රනවකගේ නායකත්වයෙන් පක්ෂය නැවත ස්ථාවර විය. එල්ලාවල මේදානන්ද සහ ඕමල්පේ සෝභිත හමි වරු නායකත්වය දරති. නෙවිල් කරුණාතිලක සහ උදය ගම්මණ්පල තවත් ප්‍රභල නායක දෙපළකි. ත්‍රස්තවාදයට එරහිව ජාතික වි්‍යාපාරය, උතුරු නැගෙනහිර සිංහල සංවිධානය,SPUR සහ තවත් ජාතික සහ අන්තර්ජාතික සිංහල ජාතිවාදී කන්ඩායම් සමග පක්ෂය සම්බන්ධය .

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුන්ගගේ නිලකාලය අඩුකරීම සඳහා ජා.හේ.උ. ඉදිරිපත් කළ පෙත්සම සාර්ථකවිය. 2005 ඔක්තෝබර් මස ජා.හේ.උ. හිටපු සාමාජික උඩුවේ ධම්මාලෝක හිමි පැවසුවේ දේශපාලනයට පිවිසිමට ගත් තින්දුව වැරදිබවට ජා.හේ.උ. භික්ෂූන් කල්පනා කරමින් සිටින බවය. ආගමික කටයුතු කෙ‍ෙරහි අවධානය යොමු කිරීමෙන් වඩා ධනාත්මක බලපෑමක් ශ්‍රි ලාංකිය සමාජය වෙත කළ හැක බව තමා විශ්වාස කරන බව පැවසූ උන්වහන්සේ වර්තමාන භික්ෂූ මන්ත්‍රිවරුන් උත්සාහ කරනුයේ අනාගතයේ භික්ෂූන් දේශපාලනයට පිවිසිම වැලැක්වීමට බවත් ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් උඩුවේ ධම්මාලෝක සහ අනෙත් හමි වරැ මන්ත්‍රිධූරවලන් ඉවත් වන්නේද නැතහොත් භික්ෂූන් දේශපාලනය තහනම් වන නිති සකසන්නේද යන්න අපහැදිලය. 2005 ජනාධිපත වරණයේ දී ජා.හේ.උ. මහින්ද රාජපක්ෂට සහය දැක්වීය. 2007 දී පක්ෂය නිලවශයෙන් රාජ්‍්‍ය පක්ෂ ආණ්ඩුවට එක් වූ අතර ගිහි සාමාජික චම්පික රණවක පරිසර අමාත්‍්‍ය ධූරයට පත් විය.

ජනාධිපති ඩී.බී. විජේතුංග

ජනාධිපති ඩී.බී. විජේතුංග

(ජනාධිපති ඩී. බී. විජේතුංග වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය
ඩිංගිරි බණ්ඩා විජේතුංග
4වන ශ්‍රී ලංකා ජනාධිපති
තනතුර දැරීම
මැයි 1, 1993 – නොවැම්බර 12, 1994
පූර්වප්‍රාප්තිකයා රණසිංහ ප්‍රේමදාස
අනුප්‍රාප්තිකයා චන්ද්‍රිකා කුමාරතුංග
9වන ශ්‍රී ලංකා අගමැති
තනතුර දැරීම
ජනවාරි 2, 1989 – මැයි 1, 1993
පූර්වප්‍රාප්තිකයා රණසිංහ ප්‍රේමදාස
අනුප්‍රාප්තිකයා රනිල් වික්‍රමසිංහ
උපත පෙබරවාරි 15 1916(1916-02-15)
උඩුනුවර, ලංකාව
විපත සැප්තැම්බර 21, 2008 (මිය යන විට වයස 92)
මහනුවර, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය
ආගම බුද්ධාගම
රාජ්‍ය ලාංඡනය

ඩිංගිරි බණ්ඩා විජේතුංග (පෙබරවාරි 15,1916 - සැප්තැම්බර් 21 2008) යනු ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා (මැයි 1,1993 - නොවෙම්බර් 12,1994) සහ ශ්‍රී ලංකාවේ අගමැති (මාර්තු 3,1989 - මැයි 7, 1993) සහ වයඹ පළාත් අාණ්ඩුකාරතුමා (1988 - 1989) ලෙස කටයුතු කළ අව්‍යාජ ජන නායකයෙති.
ශ්‍රී ලංකා ජාතික ධජය

මෙරට තුන්වන ජනාධිපතිවරයා ලෙස වසරක කාලයක් කටයුතු තළ ඩී. බී. විජේතුංග මහතා ඉතා සරල දිවි පෙවෙතක් ගත කළ තැනැත්තෙකි.අව්‍යාජ ජන නායකයකු ලෙස ජන හදවත් වල රැදුණු විජේතුංග මහතා ප්‍රජාතන්ත්‍රවාදී ගතිගුණවලින් සම්පූර්ණ වූවකු විය.


පටුන
[සඟවන්න]

* 1 පෙර දිවිය
* 2 දේශපාලන දිවිය
* 3 සැදෑ සමය
* 4 සමු ගැනීම
* 5 මෙම අඩවිය බලන්න

[සංස්කරණය] පෙර දිවිය

කන්ද උඩරට උඩුනුවර පොල්ගහ අංග ග්‍රාමයේ උපත ලබා ගම්පොළ ශාන්ත ඇන්ඩෲ විදුහලේ අධ්‍යාපනය නිමවා සමුපකාර පරීක්ෂකවරයකු ලෙස ජීවිතය ඇරඹූ ඩී. බී. විජේතුංග මහතාට දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණවන්නට ලැබුෆණ් උඩරට කීර්තිමත් ඇමතිවරයකු වූ ඒ. රත්නායක මහතාගේ ‍‍පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු නිසාය.
[සංස්කරණය] දේශපාලන දිවිය

විජේතුංග මහතා දේශපාලනඥයකු ලෙස තම ජීවිතය ආරම්භ කරනුයේ 1965 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් උඩුනුවර ආසනයට තරඟ කරමිනි. නැවත 1977 මහ මැතිවරණයේ දී ජය ලැබූ ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමතිවරයා වූ විජේතුංග මහතා පසුව විදුලි හා බලශක්ති,කෘෂිකර්ම, තැපැල් හා විදුලි සංදේශ සේවාවේ විශේෂ ප්‍රගතියක් ඇති කිරීමට සමත් විය.


1988 පළාත් සභා ක්‍රමය ඇති කිරීමෙන් පසු වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරයට පත්වූ විජේතුංග මහතා යළිත් පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වනුයේ ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේය. 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කොට ජය ලැබූ ඒ මහතා අග‍මැති ධුරයට පත් ‍කෙරිණි.

ශ්‍රී ලංකාවේ 12 වන අගමැතිවරයා ලෙස කටයුතු කරමින් මුදල් ඇමති පදවිය දැරීමේ භාග්‍යය ද එතුමාට හිමි විය.

1993 මැයි 1 දින පැවති මැයි රැළියේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් සමඟ ව්‍යවස්ථානුකූකව ජනාධිපති ලෙස පත්වීමට විජේතුංග මහතාට අවස්ථාව ලැබිණි.


ශ්‍රී ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ විජේතුංග මහතාගේ ජීවිත‍‍යේ විශේෂ ලක්ෂණයක් නම් කාල කලමණාකරණයට තිබූ දක්ෂතාවයයි.
[සංස්කරණය] සැදෑ සමය

1994 විධායත ජනාධිපති ධූරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්වීමත් සමඟම ‍‍දේශපාලන කටයුතු වලින් සමුගෙන පිළිමතලා‍‍‍වේ පිහිටි සිය නිව‍‍සේ විශ්‍රාම දිවියක් ගත කළ විජේතුංග මහතා සිය පාලන කාල‍‍‍යේදී මෙන්ම දේශපාලනයෙන් අෑත්ව සිටි කාලයේදීත් ජනහිතකාමී ලෙස ක්‍රියා කිරීම වි‍‍‍ශේෂත්වයකි. ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත්ත ද එතුමා සමාජ ‍වෙනු‍‍වෙන් සිය ජීවිතය කැපකළ ආදර්ශමත් නායක‍‍‍යෙක් විය.
[සංස්කරණය] සමු ගැනීම

දිගු කාලීනව අසනීපවීම හේතුවෙන් 2008ල සැප්තැම්බර් 21 පෙ.ව 9.30ට පමණ නුවර මූලික රෝහලේ දී අභවප්‍රාප්ත විය.

(සිළුමිණ පුවත්පත ඇසුරිනි.)

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු නාමාවලිය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු නාමාවලිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා වන අතර ආණ්‍ඩුවේත් ප්‍රධානියා වේ.ලංකා දේශපාලනයේ වැදගත්ම දේශපාලන චරිතය වන්නේ ජනාධිපතිවරයායි. ශ්‍රී ලංකාවේ තනතුර 1978 ඇති කළ අතර බලය මහත් ලෙස වර්ධනය වූ නිසාම බලය සීමා කිරීම් හා බලය ඉවත් කිරීම් සඳහාත් ප්‍රකාශ ඇති විය. වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂයි. ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව

ශ්‍රී ලංකා ජනාධිපති (1972 – 1978) විලියම් ගොපල්ලවගේ කොඩිය

ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.

1978 න් පසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ විශේෂ ඡන්ද ක්‍රමයකින් යුතු මහජන ඡන්දයකින් තෝරාපත්කර ගනී.

· විලියම් ගොපල්ලව (1972 මැයි 22 - පෙබරවාරි 4 දක්වා 1978) ( අගමැති නාමකරණයෙන් තෝරාපත් කරගන්නා ලදී.)

· ජූනියස් රිචඩ් ජයවර්ධන (1978 පෙබරවාරි 4 සිට 1989 ජනවාරි 2)

· රණසිංහ ප්‍රේමාදාස (1989 ජනවාරි 2 සිට 1993 මැයි 1)

· ඩිංගිරි බණ්ඩා විජේතුංග (1993 මැයි 2 සිට 1994 නොවැම්බර් 12)

· චන්ද්‍රිකා කුමාරතුංග (1994 නොවැම්බර් 12 සිට 2005 නොවැම්බර් 19)

· මහින්ද රාජපක්ෂ (2005 නොවැම්බර් 19 සිට අවශ්‍යතාක්)

71 කැරුල්ල

71 කැරුල්ල


1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදි.

මේ සමග ආණඩුව හදිසි නීතිය පනවන ලදි. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩන්ගුවට ගෙන යාපනයේ රදවන ලදි. මේ තත්ත්වය තුල ඒවන විට ඉදිරිපෙලේ නායකයකුව සිටි ලොකු අතුල හෙවත් වික්ටර් අයිවන් කැරුල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සන්ඝාරාමයේ දී පහරදීම සදහා සාකචිඡාවක් පවත්වන ලදි. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණ.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය.

පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරුල්ල අසාර්ථවීමට එය හේතුවිණි.පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරිමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙෂ හදුන්වන ලදි.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවමි පනවන ලදි. ඉන් අණතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදි.

1976-83 දක්වා කාලවකවානුව


1976 හදිසි නීතිය ඉවත් කිරිමත් සමග පක්ෂය නිත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරමිභ කරන ලදි. නියමුවා පුවත්පත ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරමිභ කරන ලදි.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වෙයි. තංගල්ල, බටහිර අනුරාධපුරය, විපතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුනින් ඉදිරිපත් වෙයි.1977 දී අපරාධ විනිස්චය කොමිසන් සභාව අහොසි වීමත් සමඟ රෝහණ ජේවීර නිදහස් වෙයි .78 පලමු සමුළුව පවත්වයි. 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කරයි. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වෙයි.1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර මහතා ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගනී.

1983 සිට 1994 දක්වා කාලසීමාව

1983 සුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබයි.

බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. ‍රෝහණ විජේවීර උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.දේශපාලන බලමණ්ඩලය තුල මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ මහතා පමණි.

1994 සිට 2005 ජනාධිපතිවරණය දක්වා


1994 පොදුජන එක්සත් පෙරමුණ බලය ලැබීමත් සමග සිරගතව සිටි බොහෝ පිරිසකට නිදහස ලැබේ. 1994 මැතිවරණයට ජවිපෙ ලෙස තරඟ වැදීමට තීරණය කරයි. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවෙයි. නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පත්වෙයි. ඉන් අනතු‍රුව ඉදිරිපත් වූ මැතිවරණ තුල 1997 පලාත් පාලන ආසන 101 ක් දිනාගන්නා අතර 1998 පලාත් සභා ආසන 25 ක් දිනයි.

2000 මහා මැතිවරණයෙන් ආසන 10 ක් දිනාගන්නා අතර 2001 දී එය 16 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වෙයි. උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වරෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇති‍වීම තුල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සන්විධානය සමඟ සුනාමි සහන මණ්ඩලය ගිවිසුව් අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොයසක් ඉටු කරයි.

2005 ජනාධිපතිවරණයෙන් පසු අද දක්වා

1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රෂ්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදි. එවකට පැවති ජනමතය අනූව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවදෙය යුධමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළේය. මේ අතරතුර ජවිපෙ අභ්‍යන්තර අර්බද පැන නැගුණි.

ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් පක්ෂය හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමයි. මේ තත්වය තුල පසුගිය වයඹ, මධ්‍යම හා සඹරගමු පලාත් සභා මැතිවරණ‍වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද අහිමිවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් විමල් වීරවංශ සාධකයේ හැරයාම පිළිබඳ ජවිපෙ ඉතා නිහඬ පිළිවතක් අනුගමනය කරන බවක් පෙනේ.